මේ සිද්ධිය වුනේ 2017 අවුරුද්දේ ජනවාරි මාසේ 17 වැනිදා.එවිට මමඋද්‍යාන භාරකරුවිදියට වස්ගමුව වනෝද්‍යානයේ වැඩ කලා. ඒ වෙනකොට වනජීවී දෙපාර්තමේන්තුවේ සේවයට ඇවිත් අවුරුදු තුනක්.
වනජීවි දෙපාර්තමේන්තුවේ සේවය කරනකොට අපිට නිතරම එක එක ආකාරයේ ඔත්තු ලැබෙනවා. ගස් කැපීම්, සතුන් දඩයම, මැණික් ගැරීම එම ඔත්තු අතර ප්‍රමුඛයි. මේ කියන දවසේ අපිට තොරතුරක් ලැබුණේ මිනිස්සුකට්ටියක් සංස්ථාපිටිය කියන ප්‍රදේශයටදඩයමේඇවිත් කියලා.සංස්ථාපිටිය වස්ගමුව ඇතුලේම ප්‍රදේශයක්.මෙහෙම වෙලාවට අපි සතුන් දඩයම් කිරීම හැකි ඉක්මනින් වලක්වන්න ඕනේ. නැත්නම් විවිධ විශේෂ වල සතුන් මරා දමන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් අපි කණ්ඩායමක් එතනට යන්න සුදානම් වුණා. මාත් ඇතුලුව වන සත්ව අඩවි ආරක්ෂක චින්තන බණ්ඩාර, වන සත්ව නියාමක චිත්‍රලාල් බණ්ඩාර, ක්ෂේත්‍ර සහායක සාලිය බණ්ඩාර, ක්ෂේත්‍ර සහායක ශාන්ත ශ්‍රියානන්ද යන අයකණ්ඩායමට එකතු වුණා. අපි වස්ගමුව ප්‍රධාන කාර්යාලයේ සිට සංස්ථාපිටිය ප්‍රදේශයට වාහනයෙන් ගියා. මේ වගේ වැටලීම්වලදී පහරදීම් සිද්ධවෙන්න පුලුවන් නිසා අපි යනකොට ආයුධ අරගෙන යන්නේ.
එදා අපි ප්‍රධාන කාර්යාලයෙන් පිටත් වෙනකොට හවස තුනහමාරට විතර ඇති.අපිසංස්ථාපිටිය ප්‍රදේශයේ රැකවල් දා ගත්තා. මේ වෙනකොට වෙලාව හවස හයයි හතලිස් පහට විතර ඇති. ඒ හරිය ඝණ කැලෑව.අඳුර වැඩිවෙමින් තිබුණා.අපි දැක්කා දඩයක්කාරයෝ කිහිපදෙනෙක් එනවා.එතන ඔවුන් පස්දෙනෙක් ඉන්න බව පෙනුනා.ඔවුන් අපි රැකවල්ලාසිටිපැත්තට එමින් සිටියේ.ඔවුන් අත තුවක්කු දෙකක්ද ටෝච් වගේ ආම්පන්නද තියෙන බවත් පෙනුණා.
සාමාන්‍යයෙන් වනජීවී දෙපාර්තමේන්තුවෙන් වැටලීම් කරන කොට දඩයක්කාරයන් බයයි. පැකිලිමක් නැතිවවහාම යටත් වෙනවා.
එදා අපි එකපාරට ඉස්සරහට පැනලා “අපි වනජීවි දෙපාර්තමේන්තුවෙන්. නතර වෙන්න” කියලා ඔවුන්ට අණ කලා.යටත් වෙනවා වෙනුවට ක්ෂණයකින් ඔවුන් අපි දෙසට වෙඩි තිබ්බා.එය බලාපොරොත්තු නොවුණු සිදුවීමක්.අපේ ජීවිත අනතුරේ බව අපට වැටහුණා.
ඒත් එක්කම අපේ පැත්තෙනුත් දඩයක්කාරයින්ට වෙඩි තිබ්බා.එක දඩයක්කාරයෙකුට වෙඩි වැදුනා.වෙඩිල්ල වැදුනේ ඔහුගේ ඔලුවට බව පෙනුණා.වෙඩි වැදීමත් එක්ක දෙපැත්තේම වෙඩි තැබීම නතර වුණා. වෙඩි වැදුන පුද්ගලයාට අමාරු බව පෙණුනා. ඉක්මනින්ම අනෙක් දඩයක්කාරයින්ව අත්අඩංගුවට අරගෙන වෙඩි වැදුන කෙනාව ලඟම තිබුණු රෝහලට අරගෙන ගියා.
රෝහලේදී රෑ අට හමාරට විතර ඔහු මිය ගියා.මේ මොහොතේ වෙඩි වැදිලා අපිත් තුවාල වන්නට හෝ මිය යන්නට ඉඩ තිබුණා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුවෙන් නඩුවක් දාලා තියෙන්නේ.දැනට එම නඩුව විභාග වෙනවා.
(නඩුවක් පවතින සිද්ධියක් බැවින් වෙඩි තැබීම පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සඳහන් නොවේ. )
දිලිප් ඩිලන්ත සමරනායක මහතා කුමන ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු ලෙස දැනට සේවය කරමින් සිටී. ඔහු ශ්‍රී ලංකාවේ විවිධ ජාතික වනෝද්‍යාන වල සේවය කර ඇත. යාල, උඩවලව, ලුණුගම්වෙහෙර, වස්ගමුව, ප්‍රධාන කාර්යාලයේ නීති අංශය, වලව් වම් ඉවුර (Walawa left bank) වැනි සේවස්ථාන ඔහු සේවය කර ඇති විවිධ ස්ථාන අතරෙන් සමහරකි.
දිලිප් සමරනායකමහතා පුතනුවන් දෙදෙනෙකුගේ ආදරණීය පියෙකි. හොරණ වැල්ල පිටියේ පදිංචිව සිටී.
පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට අයත්ව පිහිටා ඇති වස්ගමුව ජාතික උද්‍යානය ශ්‍රී ලංකාවේ උතුරු මැද හා මධ්‍යම පළාත්වල විහිදි ඇත. වනජීවී විශේෂ 300 කට ආසන්න සංඛ්‍යාවකට වාසස්ථාන සපයන මෙම ජාතික උද්‍යානයේ නැගෙනහිර මහවැලි ගඟෙන්ද,බටහිර සිට උතුර දක්වා කළු සහ අඹන් යන ගංගා වලින්ද මායිම් වි ඇත.1977 දී කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය දියත් කිරීමේදී වනාන්තර සහ වන සතුන්ගේ ස්වාභාවික වාසස්ථාන විශාල වශයෙන් අහිමි විය. එසේ මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේදී අවතැන් වූ වන සතුන්ගේ ආරක්ෂාව සහ රුකවරණය සැලසිම සඳහා එම ව්‍යාපෘතිය යටතේ 1984 දි ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යාන හතරෙන් එකකි.වස්ගමුව ජාතික උද්‍යානය.මාදුරු ඔය,සෝමාවතිය සහ මින්නේරිය ජාතික උද්‍යාන එසේ ප්‍රකාශයට පත් කල අනෙකුත් ජාතික උද්‍යාන වේ.
වස්ගමුව ජාතික උද්‍යානය1984 අගෝස්තු 7 වන දින ප්‍රකාශයට පත් කරන ලද අතර මෙහි වර්ගඵලය හෙක්ටයාර් 37,062.9 කට ආසන්න වේ.කොළඹ සිට කිලෝමීටර් 225ක දුරකින් පිහිටා ඇති වස්ගමුවජාතික උද්‍යානය පාරිසරික හා ජෛව විවිධාත්මක වටිනාකමින් යුත් මනස්කාන්ත ස්ථානයකි.
ජලයෙන් පෝෂණය නොඅඩුව ලබන වස්ගමුව ජාතිකඋද්‍යානය තුල ක්‍රි.ව. 1153-1186 පළමුවන පරක්‍රමබාහු රජු සමයේ ඉදිකරන ලදැයි සැලකෙන කාලිංග යෝධ ඇළ, මාලගමුව, විල්මිටිය, දාස්තොට වැනි ඇළ මාර්ගයන්හි නටබුන්දතවමත් දැක ගත හැකිය.එමෙන්ම දුටුගැමුණු රජු සහ එළාරරජු අතර සිදු වු සටනේ කදවුරු බදින ලදැයි සැලකෙන යුධගනාපිටියද, එම සටන ශාසනයේ ඉදිරි පැවැත්මට බාධාවක් වේ යැයි සැකකල රහතන් වහන්සේලා එය වැලැක්විමට මවා ඇති කන්ද වන රහතන්මැවු කන්ද ද පිහිටා ඇත්තේ වස්ගමු ජාතික උද්‍යානය තුලය .වසර 1800 ක් පමණ පැරණි බුද්ධ ප්‍රතිමාවක් වන බුදුරුවායාය ප්‍රතිමාවද , පැරණි ගල් කණු කිහිපයක්ද ඇති බැවින්මෙම උද්‍යානය ප්‍රසිද්ධ සංස්කෘතික ස්ථානයක් ලෙසද සැලකේ.
දේශගුණික තත්වයන් වියළි සහ අතරමැදි කලාපයට අයත් වන අතර බොහෝ දුරට ඔක්තෝබර්-පෙබරවාරි මාසවල ඊසානදිග මෝසම් වැසි බලපෑම් කරනු ලැබේ. අන්තර් මෝසම් වැසි මාර්තු-මැයි මාසවලදී සිදු වුවද වර්ෂාව අඩු ජුනි-සැප්තැම්බර් කාලය සංචාරය සදහ සුදුසුම කාලය වේ.වාර්ෂික වර්ෂාපතනය උතුරේ මිලිමීටර් 1,750 සිට දකුණේ මි.මී. 2,250 දක්වා ඉහළ යයි. අතර සාමන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වන අතර වසර පුරා සුළු වෙනස්කම්ද ඇත. නිරිතදිග මෝසම් සමයේදී (මැයි – අගෝස්තු) සුළං වේගය ඉහළ සහ වියලි බවක් ගන්නා අතර උතුරේ- නැගෙනහිර මෝසම් සුළං වේගය අඩු හා තෙත් බවක් දැකිය හැක.
මහවැලි ගඟ, අඹන් ගඟ සහ කළු ගඟේ ජලාප්‍රවාහන ද්‍රෝණි තුනක් තුළ මෙම උද්‍යානය පිහිටා ඇති අතර තවද කරාපන ඇළ, කිරුලේ ඇළ, වැද්දිගේ ඇළ, පලුගහ ඇළ, මිදිරනේ ඇළ, නවගහ ඇළ, වස්ගමු ඔය ආදි දිය පහර වලින්ද පෝෂණය ලබයි. සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට මී.470 ක් පමණ උස් වන දර්ශනීය සුදු කන්ද ආශ්‍රිතව ගලා බසින දිය දහරින් උද්‍යානය තුල ගංගා ඇළ දොළ පෝෂණය වේ. උද්‍යානයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවල රතු පැහැයට හුරු දුඹුරු පැහැ පොළොවක් මෙන්ම රොන්මඩ පිරුණු පසින්ද යුක්තය.එම ප්‍රදේශ කොන්ඩලයිට් ,තිරුවාන සහ කිරිගරුඩ වැනි ඛනිජ සම්පත් වලින්ද පෝෂිත වේ. ජාතික උද්‍යානයේ ඉහළ ජෛව විවිධත්වයට හේතු වි ඇත්තේද උද්‍යානය හතර වටින්ගලා යන ගංගා හේතුවෙන් පසෙහි සාරවත්භාවය හා විවිධත්වය ඉහළ යාමය.
වස්ගමුවෙහි වනාන්තර ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වියළි සදාහරිත වනාන්තර නියෝජනය කරන අතර මෙම උද්‍යානය තුළ ප්‍රාථමික වනාන්තර, ද්විතීයික වනාන්තර, ගංගාධර වනාන්තර , තෘණ බිම්, කටු පදුරු සහ ගල් සහිත ප්‍රදේශ වලින්ද සමන්විත වු ශ්‍රී ලංකාවේ ආරක්ෂිත ප්‍රදේශ අතර ඉහළම ජෛව විවිධත්වය ප්‍රදර්ශනයකරනු ලබන උද්‍යානය. ශාක විශේෂ 150 කට වැඩි ප්‍රමාණයක් උද්‍යානයෙන් වාර්තා වී ඇති අතර ජලජ පැළෑටියක් වන Cryptocoryne walker සහ ඖෂධීය පැළෑටියක් වන බිංකොහොඹ යනු ආර්ථික වටිනාකමක් ඇති දුලබ ශාකවර්ග දෙකකි. වනාන්තරය ස්ථර කිහිපයකින් සමන්විත වන අතරඉහල ස්ථර ශාක ලෙස බුරුත,පලු,වෙලන්,කළුවර,මිල්ල,වීරසහ හල්මිල්ලශාකද ලදු කැලෑ ආශ්‍රිතව දිවුල්,රතුවා, කටුපිල ආදිඅනෙකුත් ස්ථරවල ශාකද ඉස්මතු වේ.
ජලාශ සහ ගංගාධාර වනාන්තර විශාල සත්ව විශේෂවලට සහාය වන අතර වස්ගමුව උද්‍යානයේ හිමිකරුවන් ලෙස ක්ෂීරපායී විශේෂ 23 ක්,පක්ෂීන් විශේෂ149ක්,උභයජීවී විශේෂ8 ක්,උරගය විශේෂ 17 ක්,මත්ස්‍යය විශේෂ17ක්සහ සමනල විශේෂ50 ක් පමණ ජිවත් වේ.මෙහි සිටින ක්ෂිරපායි විශේෂ අතර විශේෂ 2 ක් ආවේණික වන අතර විශේෂ 6 ක් වද විමේ තර්ජනයටද , පක්ෂි විශේෂ 8 ක් ආවේණික වන අතර 9 ක් වද විමේ තර්ජනයටද උරග විශේෂ 5ක් ආවේණික වන අතර විශේෂ 8ක් වද විමේ තර්ජනයටද මුහුණ දි ඇත.
ජාතික උද්‍යානයේ ශ්‍රී ලාංකීය වල් අලි 150 ක රංචුවක් මහවැලි ගංගා ප්‍රදේශයේ සැරිසරන අතර මෙම අලින්, විල් අලීන්ද ලෙසද හඳුන් වනු ලැබේ.
උද්‍යානයේ බහුලව වල්අලීන් නිරීක්ෂණය කළ හැකිය
ශ්‍රී ලංකාවට ආවේණික මහ වදුරා හා රිළවා, හිවලුන්, උනහපුලුවා, වල් ඌරා, තණ බිම් උලා කමින් සැරිසරන වල් මී හරකුන්සහ තිත් මුවන් වැනි සතුන්සමාන්‍යයෙන් නිරීක්ෂණය වන අතර දුර්ලභ දිවියා සහ වලසා කලාතුරකින් නිරීක්ෂණය කළ හැක.
ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ 143 ක්ම උද්‍යානය තුළ දැක ගත හැකි අතර ගංගාධර වනපෙතේ හමුවන වතුරතු මල්කොහා, වලි කුකුළා, බහුරුමානාවා,රන් නළල් කොට්ටෝරුවා,ශ්‍රී ලංකා සිළු මහාකවුඩා, හබන් කුකුලා,අළු කෑදැත්තා මේ අතර විශේෂ තැනක් ගනි.
මෙහි වසන ආවේණික හා වදවිමේ තර්ජනයට ලක් වි ඇති සත්ව විශේෂ අතරට උභය ජිවියෙක් වන ලංකා බැදි මැඩියා,උරග විශේෂයක් කිහිපයක්ද එක් වේ. එම උරගයන් අතර හීරළු විශේෂයන්වන ලක්හීරළුවා, කටුසු විශේෂයන් වන තොල විසිතුරු කටුස්සාහා පිණුම් කටුස්සා,සර්ප විශේෂයක් වන දගර දණ්ඩා,තලගොයා,හැල කිඹුලාහාකබරගොයා අයත් වේ. මෙහි ඇති ජලාශයන්හි ආවේණික මත්ස්‍ය විශේෂයක් වන ගල්පාඩියාද සිටී. සමනලුන් රාශියක්ද උද්‍යානය වටා පියාසර කරන අයුරු දැකගත හැකි අතර සමනල් විශේෂ 50 ක් වාර්තා වී ඇත.
නේවාසික පහසුකම් සදහා උද්‍යාන තුළ කදුරුපිටිය, වවුල්ඇබේ හා මහවැලි යන (ගග අසබඩ) සංචාරක නිවහන් තුනක්ද හතරමං හන්දියෙ,මහවැලි 1, මැදපිටිය1/2, වවුල්එබේ සහ උල්පත් හත ආදි කදවුරු බිම්ද උද්‍යාන තුල පිහිටා ඇති අතරඒවා වෙන් කරවා ගැනීම කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරනු ලැබේ.
Sinhala name | Tamil name | English name | Scientific name |
අලියා | காட்டு யானைகள் | Asian elephant | Elephas maximus |
මහ වදුරා | மந்தி | Southern Purple faced langur | Semnopithecus senex |
රිළවා | சிறு குரங்கு | Toque Macaque | Macaca sinica |
හිවලා | நரிகள் | Golden jackal | Canis aureus |
උනහපුලුවා | தேவாங்கு | Gray Slender Loris | Loris lydekkerrianus |
වල් ඌරා | காட்டுப் பன்றிகள் | Wild Boar | Susscrofa |
වල් මී හරකා | காட்டு எருமைகள் | Water buffalo | Bubalus bubalis |
තිත් මුවා | புள்ளி மான் | Spotted deer | Axis axis ceylonensis |
කොටියා | புலி | Leopard | Ardeacinerea |
වලසා | கரடி | Sloth bear | Melursus ursinus |
වතුරතු මල්කොහා | சென்முகப் பூங்குயில் | Red- faced malkoha | Phaenicophaeus pyrrhocephalus |
වලි කුකුළා | இலங்கை காட்டுக்கோழி | Sri lanka junglefowl | Gallus lafayetill |
බහුරුමානාවා | சிறுத்த பெரு நாரை | Lesser adjutant | Leptoptilos javanicus |
රන් නළල් කොට්ටෝරුවා | குக்குறுவான் | Yellow-fronted barbet | Megalaima flavifrons |
ශ්‍රී ලංකා සිළු මහාකවුඩා | தீக்காக்கை | Srilanka trogon | Harpactes fasciatus |
හබන් කුකුලා | சின்னக் காட்டுக் கோழி | Srilanka Spurfowl | Galloperdix bicalcarata |
අළු කෑදැත්තා | இலங்கை சாம்பல் இருவாய்ச்சி | Srilanka grey hornbill | Ocyceros gingalensis |
ලංකා බැදි මැඩියා | இலங்கை மரத் தவளை | Sri Lanka wood frog | Rana gracilis |
ලක්හීරළුවා | இலங்கை அரணை | Sripada forest skink | Lankascincus sp |
තොල විසිතුරු කටුස්සා | சிவப்பு உதட்டுப் பல்லி | Red lipped lizard | Calotes ceylonensis |
දුම්බොන්නා | இந்தியன் ரோலர் | Indian roller | Coracias benghalensis |
පිණුම් කටුස්සා | பெரிய காது இல்லாத பல்லி | Earles’s lizard | Otocryptis wiegmanni |
දගර දණ්ඩා | இலங்கை பறக்கும் பாம்பு | Sri Lanka fling snake | Chrysopelea taprobanica |
තලගොයා | உடும்பு | Land monitor lizard | Varanus bengalensis |
කබරගොයා | நீர் உடும்பு | Asian water monitor | Varanus salvator |
හැල කිඹුලා | சதுப்பு முதலை | Mugger crocodile | Crocodylus palustris |
ගල්පාඩියා | கல்பாடியா | Ceylon logsucker | garra ceylonensis |
Sinhala Names | Tamil Names | English Names | Botanical Name |
පලු | பாலை | Ceylon Iron wood | Manilkara hexandra |
වීර | வீரை | Hedge Boxwood | Drypetes sepiaria |
බුරුත | முதிரை | Satin | Chloroxylon swietenia |
මිල්ල | காட்டு நொச்சி | Milla | Vitex altissma |
වෙලන් | வெண்ணங்கு | Welan | Pterospermum canescens |
හල්මිල්ල | சாவண்டலை மரம் | Halmilla | Berriya cordifolia |
කළුවර | கருங்காலி | Ebony | Diospyros ebenum |
දිවුල් | விளா | Divul | Limonia acidissima |
රතුවා | ரது வா | Rathuwa | Cassia roxburghii |
කටුපිල | வெட்புலா | Katupila | Flueggea leucopyrus |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ
වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඡායාරූප- රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |