මම 1996 වනජීවී නියාමකවරයෙක් හැටියට වනජීවී දෙපාර්තමේන්තුවට බැඳුණේ. මම අවුරුදු 10 ක් 12ක් විතර වනජීවී නියාමකවරයෙක් විදියට තණමල්විල අඩවිය හඳපානගල අඩවිය නුවරඑළිය ශ්‍රී පාද අඩවිය වගේ ස්ථාන රැසක සේවය කළා. පස්සේ අඩවි සහකාරවරයෙක් විදියට මට උසස්වීමක් ලැබුණා. ඉන්පසුව උඩවලව ජාතික වන උද්‍යානයේ මම සෑහෙන කාලයක් සේවය කළා 2016 මුල්කාලයේ ඉඳලා. උඩවලව ජාතික වන උද්‍යානය ප්‍රසිද්ධ කොළඹ ආසන්නයේ තියෙන වල්අලි බලන්න පුළුවන් ස්ථානයක් විදියට. මෙහි විශාල ජෛව විවිධත්වයක් තිබෙනවා. වල් බළල්ලු එහෙම ගොඩක් ඉන්නවා. නමුත් දිවියන් එසේත් නැත්නම් කොටි දුර්ලභයි. අපිට එහේ කොටි ගැන වැඩි හැඟිමක් තිබුණෙ නෑ.
නමුත් මට අරුම පුදුම සිද්ධියක් වුණා 2016 වසර අවසානයේ. මට හැමදාම දෙසැම්බර් 31 වනදා ගෙදර ගිහින් ජනවාරි පළමුවැනිදා වැඩට එන පුරුද්දක් තිබුණා. නමුත් මේ අවුරුද්දේ මම හිතුවා වැඩ අධිකව තිබුණ නිසා ගෙදර යන්නේ නැතිව උද්‍යානයේම ඉන්නවා කියලා. එහෙම හිත හදාගෙන ඉද්දී මට බාල දරුවාගෙන් කෝල් එකක් ආවා තාත්තේ අයියා වැටිලා අත මොනවද වෙලා ලොකු ගෙඩියක් ඇවිත් කියලා. ඒත් එක්කම මට පුතාව බලන්න යන්න ඕන වුණා. ඒ නිසා මම පිටවීම අත්සන් කරලා බෑග් එකත් අරන් පාරට බැස්සා ගෙදර යන්න. කාර්යාලයයි මහපාරයි අතර තියෙන්නේ මීටර් 75ක් 100ක් වගේ කෙටි දුරක්. මේ පාර දෙපැත්තෙම එහා මෙහා පේන්නේ නැති ඝණ තේක්ක කැලයක් තිබුණේ. ඉඳලා හිටලා අලියෙක් ඉන්නවා ඇරෙන්න වෙන කිසිම සතෙක් ඒ ප්‍රදේශයේ දැකලා නෑ.
මම ගෙදර ගැන හිත හිතා ඉස්සරහට ගියා. මට පිටිපස්සෙන් ජීප් එකක සද්දයක් ඇහුණා. ඒ වෙලාවේ සංචාරකයෝ උද්‍යානය නරඹලා ආපහු එළියට යන වෙලාව. එතනින් ජීප් එකකට නැග්ගොත් තත්පර ගණනකින් හරි බස් එකක් අල්ලගන්න තියෙන අවස්ථාව වැඩිවෙන නිසා මම පස්ස හැරිලා බැලුවා ජීප් එකේ ඉඩ තියනව ද හිස් එකක් ද කියලා. නමුත් ජිප් එක සම්පූර්ණයෙන්ම විදේශිකයන්ගෙන් පිරිලා තිබුනේ. නමුත් මම ජිප් එක දිහා බලන කොට දුටුවේ ජීප් එකේ රියදුරු මහත්තයා අතක් එළියට දාගෙන කෑ ගහනවා. ඒ වගේම විදේශිකයොත් ලොකු බයකින් කෑ ගහනවා. ක්ෂණිකව මම ඉස්සරහ බලනකොට මගේ කකුලට අඩි දෙක හමාරක් විතර දුරින් දැවැන්ත කොටියෙක්. ඌ අඩි පහමාරක් හයක් විතර දිගයි. මගේ කකුල ටිකක් දික් කළානම් කොටියාගේ ඇගේ වදින ගානට. මට ඒ මොහොතේ බියක් ඇති වුණා ද මොකක් ද හිතුණේ කියලා කියන්න බැරි හැඟීමක් ඇති වුණේ.
මම කොටි ඈත දැකලා තිබුණාට මෙතරම්ම ළඟින් දැකල තිබ්බේ නෑ කවදාවත්ම. හැබැයි ඒත් එක්කම කොටියා වේගයෙන් පැනලා ගියා. ජීප් එකේ හිටපු අය හිතන්න ඇත්තේ කොටියා මට පැන්නා කියලා වෙන්න ඇති. මම ඇතිවුණ හැඟීම අඩුවෙලා තවත් පියවර තුනක් විතර ඉස්සරහට ගියා. නැවත්ත ජීප් එකෙන් ලොකු ඝෝෂාවක් ඇසුණා. මම පස්ස හැරිලා බැලුවා මොක ද මේ මිනිස්සු ආයෙ කෑ ගහන්නේ කියලා. බලනකොට මගේ පිටිපස්සෙන් අඩි පහක් විතර දුරින් තවත් කොටියෙක්. ඌත් කලින් කොටියා දුවපු පැත්තටම පාර පනිනවා.
මට ඒ වෙලාවෙ හිතුණේ බැරිවෙලාවත් මේ කොටි මගෙ ඇඟට පැන්නා නම් මොක ද සිද්ධ වෙන්නේ කියලා. නමුත් එහෙම සිද්ධියක් නොවුණ එක ගැන මම සතුටු වෙනවා.
ඒ වෙලාවේ ජීප් එකේ හිටපු විදේශිකයෝ නම් ගොඩක් සතුටු වෙන්න ඇති උද්‍යානයේ සීමා මායිමෙන් බැහැරව කොටි දෙන්නෙක්ව දැකපු එක ගැන.
අනිල් චන්ද්‍ර විතානගේ මහතා උපත ලබා ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ ය. කෑගල්ල තල්දූව බෞද්ධ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් දී උසස්පෙළ සමත් විය. ඔහු සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් හදාරා ඒ ආශ්‍රිත රැකියාවක නිරත වූ අතර ඇත ඔහු තුළ වනජීවී දෙපාර්තමේන්තුවේ රැකියාවක් සඳහා තිබූ දැඩි කැමැත්ත නිසාම රැකියාව කරන අතරදී ම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ තරුණ සත්වවේදීන්ගේ සංගමයට බැඳී එහි අධ්‍යයන කටයුතුවල නිරත විය. සතුන් සම්බන්ධ මූලික දැනුම ඔහු ලබා ඇත්තේ ඒ තුළිනි. සර්පයන් සම්බන්ධ වඩා පුළුල් දැනුමක් ද ලබා ගත්තේ ය. මේ අවධියේ දී ඔහු පුස්තකාලාධිපති පාඨමාලාව ද හැදෑරුවේ ය.
1996.06.24 වැනි දින තම ආසාව මුදුන්පත් කර ගනිමින් අනිල් විතානගේ මහතා වනජීවී නියාමකවරයෙකු ලෙස වනජීවී දෙපාර්තමේන්තුවට සේවය කිරීමට වාසනාවන්ත විය. පළමු වරට හඳපානගල අඩවියේ රැකියාව කිරීමට අවස්ථාව ලද ඔහු තණමල්විල නුවර එළිය වැනි දුෂ්කර ප්‍රදේශයන්හි ද රාජකාරී සිදුකර ඇත.
ගවේෂණාත්මක සහ පර්යේෂණාත්මක කටයුතු සම්බන්ධව වැඩි උනන්දුවක් දැක් වූ විතානගේ මහතා සිරිපාද අඩවියේ කුරු අලින්, සුදු ගෝනුන් හා ආවේණික පක්ෂීන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකර ඇති අතර නිල් වෙරළු ශාකයේ පැහැය නිල් බව සනාථ කිරීමට ද දායක වී ඇත.
සමනල අඩවියේ සිට උසස්වීමක් ලබා රන්ටැඹේ අභය භූමියට සේවය කිරීමට ඔහුටඅවස්ථාව ලැබිණි. එහි දී ඔහු ලංකාවට හඳුන්වා දී තිබූ ඉතා දරුණු ආක්‍රමණශීලී ශාකයක් වන Poloniasamantoseශාකය පෞද්ගලික අංශය මඟින් පැතිරවීම වැළැක්වීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුව මඟින් නීති මඟට පිළිපන්නේ ය. තවමත් එම නඩුව අවසන් වී නැත. මේ හේතුවෙන් නකල්ස් රක්ෂිතය තුළට ද එම ශාකය ඇතුලුවීම වළක්වා ගත හැකි වී ඇත.
විතානගේ මහතාගේ බිරිඳ ගුරු මවක් වන අතර දියණියකගේ සහ පුතණුවකුගෙන් ද ඔවුන්ගේ කැදැල්ල සමන්විතව ඇත. තමා මෙන් ම තම දරුවන් ද වනයට සහ වන සතුන්ට ආදරය කරන බව විතානගේ මහතා පවසයි. වර්තමානයේ ඔවුහු අවිස්සාවෙල්ල මාදුළුවේ පදිංචිව සිටිති.
ඌව පළාතේ මොණරාගල දිස්ත්‍රික්කයට හා සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රිකයට මායිම් වන පරිදි පිහිටා ඇති උඩවලව ජාතික උද්‍යානය, වලවේ ගඟ සංවර්ධනයෝජනාක්‍රමය හේතුවෙන් වාසස්ථාන අහිමි වු වන ජීවීන්ට රැකවරණය සැලසීම පිණිස සහ උඩවලව ජලාශයේ ජලාධර ප්‍රදේශය ආරක්ෂා කිරීමත් අරමුණු කර ගෙන 1972 ජුනි මස 30 වන දින වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලදී.
ශ්‍රී ලංකාවේ පිහිටා ඇති ජාතික උද්‍යාන අතරින් කොළඹට ආසන්නව පිහිටා ඇති ජාතික උද්‍යානයක් ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගෙන ඇති මෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර් 30821 ක් වේ. බොහෝ විට තැනිතලා භූමි ප්‍රදේශයෙන් යුත් මෙහි අතරින් පතර පැන නැගුණු කදු දැකිය හැකි ය. උතුරින් පිහිටා ඇති කල්තොට කඳු වැටිය සහ දියවින්න ඇල්ල උද්‍යානයේ සොභා සෞන්දර්ය තවත් වැඩි කරනු ලබයි.
උඩවලව ජාතික උද්‍යානයේ පිවිසුම
උඩවලව ජාතික උද්‍යානය පිහිටා ඇති භූමිය දිගු ඉතිහාසයකට උරුමකම් කියයි.ගජබා රජු විසින් නීලමහ යෝධයාට ලබා දුන් ගම්වරයක් ලෙසින් වලව මිටියාවතේ පිහිටි ඉතා සුන්දර කල්තොට ප්‍රදේශය ප්‍රචලිතය.නීල මහ යෝධයා මෙම ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු කල බවට සාක්ෂි .ද වේ.උඩවලව ජාතික උද්‍යානය තුල පිහිටි සීනුග්ගල, මුවංපැලැස්ස හා නෑබඩ අතීතයේ දී සරුසාර ගම්මාන ලෙස පැවැති ඇත. වෙහෙරමංකඩ හා වෙහෙරගොල්ල ප්‍රදේශයෙන් හමු වු පෞරාණික ගල්කණු හා නටබුන් මගින් එම ප්‍රදේශයේ ජානාවාස පැවති බවට තහවුරු වේ.
උද්‍යානය තුලින් ගලා බසින ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගංගාවක් වන වලවේ ගඟ හරස් කොට උඩවලවේ ජලාශය ඉදි කර ඇත.වර්ග කිලෝමීටර් 1,155 ක් පුරා ව්‍යාප්තව ඇති වලවේ ගඟ, සමනළ අඩවියෙන් ආරම්භ වී තවත් දියදහරා රාශියක් එක්කර ගනිමින් උඩවලව ජාතික උද්‍යානය හරහා ගලා බසිමින් එහි ජිවත් වන සතුන්ට අපූර්ව වු පරිසර පද්ධතියක් නිර්මාණය කර ඇත. උඩවලව ජලාශයට අමතරව වලවේ ගංගාධාර සංවර්ධනව්‍යාපාරය යටතේ ඉදි වු චන්ද්‍රිකා වැව, සමනළ වැව සහ මවු ආර ජලාශය බිහි වීමේදි අවතැන් වු වන සතුන්ටද මෙම ජාතික උද්‍යානය මගින් වාසස්ථාන හිමි විය.
වියළි හා අන්තර් දේශගුණික කලාපයන්ට අයත්ව පිහිටා ඇති මෙම උද්‍යානයට ගිණිකොණ දිග මෝසම් මගින් ප්‍රධාන වශයෙන් වැසි ලැබේ. මෙහි වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මි.මී 1524 ක් සහ සමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 32 ක් පමණ වේ. උද්‍යානයේ බටහිර පෙදෙසේ කොටසක් අන්තර් කලාපයට අයත් වන අතර,සාපේක්ෂව වැඩි වර්ෂාපතනයක් මෙම ප්‍රදේශයට ලැබේ.රත්නපුරයට ආසන්න මායිම් කලාපයේ තෙත් කලාපීය ලක්ෂණත්, මොරණාගලට අයත් මායිම් කලාපයේ වියළි කලාපීය ලක්ෂණත් පෙන්වයි. වර්ෂයේ පෙබරවාරි මාර්තු මාසවල කෙටි වියළි කාළගුණයක් පවතින අතර,ඇතැම් විට මෙම වියළි කාළගුණික තත්වය මැයි මැද සිට සැප්තැම්බර් අග දක්වා පවති. සැප්තැම්බර් වන විට අන්තර් මෝසම් මගින් වර්ෂාපතනය ලැබේ. නොවැම්බර් සිට ජනවාරි මැද දක්වා කාලය තුල ඊසාන දිග මෝසම් සුළං මගින් වැසි ලැබේ. මීට අමතරව අප්‍රේල් සිට මැයි දක්වා කාලය තුල සංවහන වැසි ද ලැබේ. මැයි සිට ජුලි දක්වා සුලං හමන වේගය පැයට කිලෝමීටර් 5.9 සිට 6.3 දක්වා විචලනය වේ. වැඩිම සුළඟ ජුනි මාසයේ දී දැකිය හැකිය.
උඩවලවේ ජාතික උද්‍යානයේ ප්‍රාථමික ද්වීතියික වනාන්තර මෙන් ම විවෘත තෘණ භුමි , සැවනා තෘණ භුමි, පඳුරු වනාන්තර හා තේක්ක වගාවන් ද හමුවේ. ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත්කිරිමට පෙර මෙම ප්‍රදේශයේ පැවැතුණු හේන්ගොවිතැන් හේතුවෙන් ස්වභාවික වෘක්ෂලතා එළිපෙහෙලි වීම සිදු විය. මේ හේතුව නිසා අද වන විට උද්‍යානය තුල විවෘත තණ බිම් රාශියක් දැක ගත හැකි වේ.
උද්‍යානයේ පවත්නා ශාක විශේෂ සැලකීමේදි උස් ශාක ලෙස බුරුත,හල්මිල්ල,කළුවර,කොලං,මිල්ල, කෝන්,කුණුමැල්ල ආදිය දැකිය හැකි අතර ඖෂධීය වටිනාකමක් ඇති ශාක ලෙස නෙල්ලිහා බුළුහමු වේ. වලවේ ගඟ දෙපස කුඹුක්හා මැන්ඩෝරා යන ශාක ප්‍රමුඛ වේ. තෘණ භූමි ප්‍රදේශ වලමාන,ඉලුක්,පොහොන්,වැනි තෘණ වර්ගද දමනීයවැනි පදුරු ශාකද වේ.වනසතුන් සදහා යෝග්‍ය නොවන ගදපානහා කුරටියයන ආක්‍රමණික ශාක උද්‍යානයට තර්ජනයක්ව ඇත.
උඩවලවේ ජලාශය සහ වලවේ ගඟ වසරේ මුළුල්ලේ වනසතුන්ට අවශ්‍ය ජලය ලබා දීමත් එම පරිසර පද්ධතියෙහි පවත්නා ආහාර සුලභතාවයත් හේතුවෙන් උඩවලව ජාතික උද්‍යානය තුල දළ වශයෙන් ආසියානු අලි 250 ක පමණ ගහණයක් දකින්නට ලැබෙන අතර අනෙකුත් සත්ව විශේෂ රාශියක් ද මෙහි ජිවත් වෙති.
උද්‍යානය තුල හමුවන විශාල ක්ෂීරපායීන් අතරින් ගෝනා, තිත් මුවා, වල් ඌරා,වල් මී හරකා ප්‍රධාන වන අතර, හිවලා, කලවැද්දා, රිලවා, හාවා,වැනි කුඩා ක්ෂිරපායි සතුන් ද ජිවත් වෙති. බළල් පවුලට අයත් දිවියා, කොළ දිවියා, හඳුන් දිවියායන සතුන් ද වලහාද උද්‍යානය තුල හමු වේ. නමුත් මෙහි වලසුන්අඩු සංඛ්‍යාවක් සිටින බැවින් දැක ගැනීමට ඇති අවස්ථා ඉතා විරලය. මීයන් වර්ග 05ක්, සර්ප විශේෂ 30 ක්, මුගටි විශේෂ 03 ක් සමනළ විශේෂ 50 ක් පමණද උද්‍යානය තුළ දි හමු වේ. උරග විශේෂ අතර කටුසුවිශේෂ කිහිපයක් සහහැල කිඹුලා,කබරගොයා හා තලගොයා වේ.
උද්‍යානය තුල හමුවන පක්ෂි විශේෂ අතර ශ්‍රී ලංකාවට ආවේණික පක්ෂින් වන හබන් කුකුළා,රතු මුහුණැති මල් කොහා, අළු කෑදැත්තා, වලි කුකුළාවිශේෂත්වයක් ගන්නා අතරපොරෝ දෑකෑත්තා,තඹසේරුවා, ළය රන් බට ගොයා හා පෙරළි කොණ්ඩකුස්සායන පක්ෂින්ද දක්නට ලැබේ. උඩවලව හා මව්ආර ජලාශයන් ආශ්‍රිතව දියකාවුන්වැනි ජලජ පක්ෂින් සුලබව දැකිය හැකි වේ.
මෙම ජාතික උද්‍යානයේ පිවිසුමට කොළඹ සිට ඇති දුර කි.මී. 165 ක් පමණ වේ. උද්‍යානයට කොළඹ සිට ළගා විය හැකි පහසුම මාර්ගය වන්නේ,කොළඹ සිට රත්නපුර පැල්මඩුල්ල හරහා පැමිණ,පැල්මඩුල්ල-ඇඹිලිපිටිය මාර්ගයේ තිඹොල්කැටිය හංදියෙන් වමට ඇති තණමල්විල මාර්ගය ඔස්සේ උද්‍යාන පිවිසුමට පැමිණීම වේ. උද්‍යාන පිවිසුම තණමල්විල මාර්ගයේ 07 වන කිලෝමීටර් කණුව ආසන්නයේ පිහිටා ඇත.
උඩවලව ජාතික උද්‍යානයේ තවත් සංචාරක ආකර්ෂණය දිනා ගත් ස්ථානයකි “ඇත් අතුරැ සෙවණ”.කැලයේ දී මව මගහැරීමෙන් හෝ මව මරණයට පත් වීමෙන් හෝ රංචුවෙන් මග හැරෙන කුඩා අලි පැටවුන් ගෙනවිත් හදා වඩා කැළයේ තනිවම ජිවත් වීමට හැකි වන ලෙසට පරිණත වන තුරු අලි පැටවුන් රැක බලා ගන්නා ස්ථානයක් ලෙස 1986 දි උඩවලව ජාතික උද්‍යානයට ආසන්නයේ “ ඇත් අතුරු සෙවණ” බිහි විය. උඩවලව ජලාශය මත්තෙහි පිහිටා ඇති “අත් අතුරු සෙවණෙහි” හැදී වැඩෙන අලි පැටවුන්ගේ කෙළි සෙල්ලම් මෙහි පැමිණෙන ඕනෑම අයකුගේ නෙත් සිත් පැහැර ගනු ඇත.
ඇත් අතුරැ සෙවණේ අලි පැටවුන්
උඩවලව ජාතික උද්‍යානය නැරඹිමට එන සංචාරකයින්ට පිවිසුම් කාර්යාලයෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි අතර සංචාරකයින්ගේ පහසුව සදහා උද්‍යානය තුළ වැඩි දියුණු කරන ලද මාර්ග පද්ධතියක් පිහිටාඇත. වනාන්තරයේ රැදී සිට කඳවුරු බිමක රාත්‍රිය ගත කර වනාන්තරයක අසිරිමත් වු අත්දැකීම් විද ගැනීමට කැමැත්තක් දක්වන සංචාරකයින් වෙනුවෙන් ප්‍රංශදාර, අලිමංකඩ, පිළිමද්දාර, රෑනගල, අලිකටුපැලැස්ස, හදගිරිය යන ප්‍රදේශයන්හි කඳවුරු බිම් ස්ථාපිත කර ඇත. මෙවැනි කඳවුරු බිම් ස්ථාපිත කර ඇත්තේ සුවිශේෂි භූමි භාගයක් තුල වීමෙන් නරඹන්නන්ට වනජීවී සම්පත විදීමේ උපරිම අවස්ථාවත්, වනාන්තරයක ජිවත් වීමේ අද්විතීය අත්දැකීමත් තම ජිවිතයට එක්කර ගත හැක. සංචාරකයින් සඳහා සියළු පහසුකමින් යුත් සංචාරක නිවාස තිඹිරියගස්මන්කඩ, වෙහෙරගොල්ල, සීනුග්ගල, ගෝනවිද්දගල සහ පොකුණුතැන්න ප්‍රදේශයේ ඉදි කර ඇති අතර මෙහි නවාතැන් ගැනීම සඳහා කොළඹ පිහිටි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් වෙන් කරවා ගැනීම කලින් කරගත යුතු වේ.
Sinhala name | Tamil name | English name | Scientific name |
අලියා | யானை | Asian elephant | Elephas maximus |
ගෝනා | மரை | Sambar | Rusa unicolor |
තිත් මුවා | புள்ளி மான் | Spotted deer | Axis axis ceylonensis |
වල් ඌරා | காட்டுப் பன்றி | Wild Boar | Sus scrofa |
වල් මී හරකා | காட்டெருமை | Water buffalo | Bubalus bubalis |
හිවලා | நரி | Golden jackal | Canis aureus |
කලවැද්දා | ஆசிய மரநாய் | Toddy cat | Paradoxurus hermaphroditus |
රිලවා | சிறு குரங்கு | Toque Macaque | Macaca sinica |
හාවා | இந்திய குழி முயல் | Indian hare | Lepus nigricollis |
දිවියා | சிறுத்தை | Leopard | Panthera pardus kotiya |
කොළ දිවියා | துரும்பன் பூனை | Rusty- spotted cat | Felis rubginosa |
හඳුන් දිවියා | மீன்பிடிப் பூனை | Fishing Cat | Prionailurus viverrinus |
වලහා | தேன்கரடி | Sri lankaSloth bear | Melurus ursinus |
වලි කුකුළා | இலங்கைக் காட்டுக் கோழி | Sri lankajunglefowl | Gallus lafayettii |
හබන් කුකුළා | சின்னக் காட்டுக்கோழி | srilankaSpurfowl | Galloperdix bicalcarata |
රතු මුහුණැති මල් කොහා | செம்முகப் பூங்குயில் | Red faced malkoha | Phaenicophaeus pyrrhocephalus |
අළු කෑදැත්තා | இலங்கை சாம்பல் இருவாய்ச்சி | Sri lanka Grey Hornbill | Ocyceros gingalensis |
Sinhala name | Tamil name | English name | Scientific name |
පොරෝ දෑකෑත්තා | மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி | Malabar pied horn bill | Anthracoceros coronatus |
තඹසේරුවා | சிறிய சீழ்க்கைச்சிரவி | Lesser whistling duck | Dendrocygna javanica |
ළය රන් බට ගොයා | செம்மஞ்சள் மார்புடைய பச்சைப்புறா | orange breastedgreen pigeon | Treron bicinctus |
පෙරළි කොණ්ඩකුස්සා | குடுமிப் பருந்து | Changeable hawk eagle | Nisaetus cirrhatus |
දියකාවා | சின்ன நீர்க்காகம் | Little Cormorant | Phalacrocorax niger |
හැල කිඹුලා | சதுப்பு முதலை | Mugger crocodile | Crocodylus palustris |
කබරගොයා | நீர் உடும்பு | Asian water monitor | Varanus salvator |
තලගොයා | இந்திய உடும்பு | Land monitor lizard | Varanus bengalensis |
Sinhala Names | Tamil Names | English Names | Botanical Name |
බුරුත | முதிரை | Satinwood | Chloroxylon swietenia |
හල්මිල්ල | சாவண்டலை மரம் | Halmilla | Berrya cordifolia |
කළුවර | கருங்காலி | ebony | Diospyros ebenum |
කොලං | மஞ்சக்கடம்பு | kolon | Haldina cordifolia |
මිල්ල | காட்டு நொச்சி | Milla | Vitex altissimia |
කෝන් | பூக்கம் | Kon | Schleichera oleosa |
කුණුමැල්ල | கரிமரம் | Kunumella | Diospyros ovalifolia |
නෙල්ලි | நெல்லி | Nelli | Phyllanthus emblica |
බුළු | தான்றி | Bulu | Terminalia bellirica |
කුඹුක් | வெண்மருது | kumbuk | Terminalia arjuna |
මැන්ඩෝරා | எருக்கலை | Mendora | Hopea cordifolia |
මාන | மானா | Mana | Cymbopogon confertiflorum |
ඉලුක් | தர்ப்பைப் புல் | Illuk | Imperata cylindrica |
පොහොන් | நேப்பியர்ப்புல் | Pohon | Pennisetum polystachion |
දමනීය | பலிசமரம் | Damaniya | Grewia tiliifolia |
ගදපාන | உண்ணிச் செடி | Gandapana | Lantana camara |
කුරටිය | சிறுநெல்லி | Kuratiya | Phyllanthus polyphyllus |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
උද්‍යානය පිළිබඳව විස්තර – හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය – ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්) – අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි අනුවාදය (කථාව) – තානුක මල්සිංහ
වෙබ් අඩවි සැකසුම – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඡායාරූප – රෝහිත ගුණවර්ධන,මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |