මම පරෙවි දුපත ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරු විදියට ගත්තේ 2019 පෙබරවාරි 1 වෙනිදා. 1963දී අභයභූමියක් වුණු පරෙවි දුපතේ ඒ වටා තිබුණු කොරල්පර හා මාළු විශේෂ ඇතුළු ජෛව වැදගත්කම නිසාම 2003දී ජාතික උද්‍යානයක් බවට පත් කෙරුණා. දූපත් දෙකක් තිබෙන පරෙවි දූපත ජාතික උද්‍යානයට සංචාරකයන් පැමිණෙන්නේ බෝට්ටුවලින් ත්‍රිකුණාමලය, ඇලස්වත්ත, නිලාවේලි, ගෝපාලපුරම් වැනි ප්‍රදේශවල මේ බෝට්ටුවල අයිතිකාරයන් ඉන්නේ.ඊට අමතරව නාවික හමුදාව මගින් මෙහෙයවන බෝට්ටු සේවයක්ද තියෙනවා. පරෙවි දූපත ජාතික උද්‍යානය ප්‍රවේශ පත්‍ර කවුළු දෙකකින් හා යාත්‍රාංගන දෙකකින් සමන්‍විතයි.
2019 කාලයේදී කොරල්පර උඩින් බෝට්ටු ධාවනය කළේ. පෙබරවාරි, මාර්තු සිට සැප්තැම්බර්, ඔක්තෝම්බර් දක්වා සංචාරකයන් වැඩියි. දිනකට බෝට්ටු වාර 300ක් 400ක් පමණ කොරල්පර උඩින් ධාවනය වෙනවා. මේ නිසා කොරල්පර, මාළු සහිත ලස්සන පරිසර පද්ධතිය විනාශ වෙනවා. කොරල්පර ආරක්ෂා කරන්නේ නෑ කියලා පර්යේෂකයන්, දෙස් විදෙස් සංචාරකයන් හා පරිසර සංරක්ෂකයින් දෙපාර්තමේන්තුවට චෝදනා කළා.
කොරල්පර සංරක්ෂණය සඳහා2018 ඉදලා ප්‍රතිපාදන වෙන්වෙලා තිබුණත් ඒ ප්‍රමාණවත් නෑ කියලා සංරක්ෂණ කටයුතු ඇණ හිටලා තිබුණේ.
මා උද්‍යාන භාරකරු ලෙස පරෙවි දුපත ජාතික උද්‍යානයට පැමිණියාට පස්සේ කොරල්පර සංරක්ෂණය සඳහා ප්‍රමුඛතාවය දුන්නා. අපිට අවශ්‍ය වුණේ දැනට තියෙන කොරල්පර ආරක්ෂා කර සංවර්ධනය කරන්න බෝයා ඉරක් දාගන්නයි ( buoyancy line – පාවෙන සළකුණු ). ඒ හින්දා අපි සමිතියක් හදා ගත්තා. ගමේ මිනිස්සු, පරිසර සංවිධාන, බෝට්ටුහිමියන්, කිමිඳුම්කරුවන්, හෝටල්හිමියන්, ස්වේච්ඡාවෙන් වැඩ කරන අය සමිතියට සම්බන්ධ කර ගත්තා. මම සමිතියට කිව්වා අපි දෙපාර්තමේන්තුව පැත්තෙන් තාක්ෂණයයි ශ්‍රමයයි දෙන්නම් ඕගොල්ලන් ප්‍රතිපාදන හා අනෙකුත් අවශ්‍යතා දෙන්න කියලා. සමිතිය එකඟ වුණා. අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියාරච්චි එය අනුමත කළා වගේම අධ්‍යක්ෂ මංජුල අමරරත්න උපදෙස් ලබා දුන්නා. මේ වෙලාවේ සමුද්‍ර අංශයේ ප්‍රධානියා චන්න සුරවීර. ත්‍රිකුණාමල කලාපයභාර සහකාර අධ්‍යක්ෂවරයා ලලිත් කුමාර.
‘බෝයා’ දාන්නේ දිගුකාලීන සංරක්ෂණය සඳහායි. පාවෙන ප්ලාස්ටික් බෝල දානවා. ඒවාට යටින් කොන්ක්‍රිට් කුට්ටි දාන්න ඕනෑ. කොන්ක්‍රීට් කුට්ටියක් අඩි 1 ½ * 1 ½* 1 ½ ප්‍රමාණයෙන් හා Kg 250ක පමණ බරෙන් යුක්තයි. උඩ හැඩලයක් තියෙනවා. හැඩලයට කඔයක් දාලා කුට්ටිය මුහුදට බස්සනවා. ජී.පී.එස්. තාක්ෂණය ආධාරයෙන් කිමිඳුම්කරුවන් මෙය කරන්නේ. සාමාන්‍යයෙන් මීටර් 20ක් විතර දුරින් කොන්ක්‍රීට් කුට්ටි බස්සනවා. අන්තිමට එක එක කොන්ක්‍රීට් කුට්ටියේ තියෙන කඔ සිරස් කඔයක ගැට ගහනවා. කඔයේ කොන් දෙපැත්තෙන් සවි කරනවා. මේක මතයි මීටර 2න් දෙකට ප්ලාස්ටික් බෝල ගැට ගහන්නේ. එතකොට ඒක බෝයා ඉර. බෝයා ඉරක් දාපුවම ඒ්ක මායිමක් වෙනවා.
මගේ අධීක්ෂණය යටතේ සමිතියෙන් කොන්ක්‍රීට් කුට්ටි 50ක් හැදුවා. කොන්ක්‍රීට් කුට්ටි ශක්තිමත් කරන්න මිලිමීටර් 10 ඝනකම ප්‍රමාණයේ කම්බි දැම්මා. හැඬලයට දැම්මේ මිලිමීටර් 16 ඝනකම කම්බි හැඩලය මුහුදු ජලයට ඛාදනය වෙනවාට පී.වී.සී. වලින් ආවරණය කළා.
ඊළඟ කාර්යය වුණේ කොන්ක්‍රීට් කුට්ටි මුහුදු වෙරළටත් එතනින් නියමිත ස්ථානයටත් ප්‍රවාහනය කරන එක. අපිට යන්ත්‍රසූත්‍ර නැති නිසා ට්‍රැක්ටරයට පටවලා එතනින් වෙරළට ගෙනිහින් බෝට්ටුවට පැටෙව්වා. සේරම කලේ මිනිස් ශ්‍රමයෙන්. මිනිස්සු යකඩ බටයක් උදව්වෙන් තුන්දෙනා දෙපැත්තට ඉදලා මේවා ට්‍රැක්ටරයටත් බෝට්ටුවටත් පැටෙව්වා.
බෝට්ටුවක කොන්ක්‍රීට් කුට්ටි ගෙනියන්න පුළුවන් එකක් නැත්නම් දෙකක් විතරයි. අමාරුවෙන් කුට්ටිය බෝට්ටුවට පටවා ගත්තට පස්සේ කිලෝමීටර් 3ක් දුරට අපි ඒක ගෙනිච්චා. අඩි 10 -15 නොගැඹුරු ජලයටයි කොන්ක්‍රීට් කුට්ටි දැම්මේ. හිස් බැරල් වතුරට දාලා ඒකේ කොන්ක්‍රීට් කුට්ටිය එල්ලලා අදාළ ස්ථානයට ස්ථානගත කළා. මේ වැඩේ අපේ කිමිදුම්කරුවන් මෙන්ම ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණු කිමිදුම්කරුවනුත් උදව් කළා. හැඩලයේ ගැට ගැහුවේ මිලිමීටර් 12 නයිලෝන් ලණු.
අපි බෝයා ඉර කිලෝමීටරයක් විතර දුරට සකස් කෙරුවා. පරෙවි දුපතේ දෙපැත්තේම ඉර දැම්මා. මැද ‘ස්නෝකලින්’ කරන්න පාරක් තිබ්බා. මේ කාර්යය සඳහා අපි ගොඩක් මහන්සි වුණා. බෝට්ටු ‘ඇන්කර්’ කරන්න වෙනම කොන්ක්‍රීට් කුට්ටි 2ක් දැම්මා. ඊට අමතරව පාවෙන ජැටියක් හදන්න යෝජනා කළත් එය තවම කරගන්න බැරි වුනා.
නමුත් අවසානයේ බෝට්ටු තමන්ගේ සීමාවේ ගියා. කොරල්පර ආරක්ෂා වුණා. සංරක්ෂණය වුණා. පරෙවි දූපත අවට බලන්න ලස්සන වුණා. සංචාරකයන් වැඩි වුණා. දවසට ලක්ෂ 30 – 40 ක ආදායමක් ලැබුණා.
මාත් එක්ක වැඩ කරපු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයත් මතක් කරන්න කැමතියි. අඩවි සහකාර ජනක චතුරංග, වන සත්ව නියාමක චින්තන දසනායක, ජ්‍යේෂ්ඨ සහායක කේ.නාගලවන්, ක්ෂේත්‍ර සහායකයන් වන චතුරංග පෙරේරා, ජයසේකර, අජිත් අමරසිංහ, අසංක කරුණාරත්න, ධර්මතුංග, සිසිර කුමාර වගේම කාර්යාල කටයුතුවලට සහාය දුන් සංවර්ධන නිලධාරි වසන්ත ධර්මසේනත් මතක් කරන්න ඕනෑ.
මේ කාර්යය අවසන් වුනේ 2019.10.24. සාර්ථක කාර්යයෙන් පස්සේ මට ලැබුණු ආත්ම තෘප්තිය අපමණයි. ඒ් ආත්ම තෘප්තිය මගේ ජීවිතයේ අමතක නොවන මතකයක් වුණා.
උසස්පෙළ ජීව විද්‍යා විෂයය සමත්ව වනජීවී දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ 3 වෙනි ශ්‍රේණියේ අඩවි ආරක්ෂක නියාමකවරුන් බඳවා ගැනීමේ විභාගයට මුහුණ දුන් උපාලි කුමාරතුංග මහතා ඉන් සමත්ව තම රැකියාවේ පත්වීම ලැබූයේ 2012 වසරේ ජූනි 07 වැනිදා සිටය.
උපාලි කුමාරතුංග මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් කලා උපාධියද ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් වන විද්‍යාව හා පරිසර කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියද ලබා ගත්තේය. අනතුරුව ඔහු වනජීවී දෙපාර්තමේන්තුව මගින් ලබා දෙනු ලබන කොළඔ විශ්වවිද්‍යාලයේ වනජිවී කළමනාකරණය පිළිබඳ විශේෂ ඩිප්ලෝමා පාඨමාලාවෙන් විශිෂ්ඨ සාමාර්ථයක්ද 3 වෙනි ස්ථානයට හිමි ලෝකඩ පදක්කමද ලබා ගැන්මට සමත් විනි.
‘වනජීවී දෙපාර්තමේන්තුව මගින් කරන වැටලීම් හා අධිකරණ කටයුතුවලදී නිලධාරීන්ගෙන් සිදුවන අඩුපාඩු’ සම්බන්ධව මින්නේරිය ජාතික උද්‍යානය හා පොළොන්නරු අඩවියේ අවසන් වූ නඩු ගොනු 50ක් ආශ්‍රයෙන් 2017, 2018 වසරේදී පර්යේෂණයක් සිදුකළ උපාලි කුමාරතුංග මහතා ඒ ඇසුරෙන් වනජීවී දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන ‘Wildlife Symposium ’හි ඉදිරිපත් කිරීමක් සිදු කර විශිෂ්ඨතම ඉදිරිපත් කිරීමට හිමි සහතිකය දිනා ගත්තේය.
එමෙන්ම ත්‍රිකුණාමල කලපුව ආශ්‍රිත ඉඩම් ගොඩකිරීම් හා ජෛව විිවධත්ව හානි සම්බන්ධ ගැටලුවලට පිළියමක් ලෙස එම ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කිරීමට විශාල කාර්යභාරයක් කළ කුමාරතුංග මහතා ඒ සම්බන්ධ වාර්තාව ‘Wildlanka’සඟරාවේ 2022 වසරේ පළ කරන ලදී.
කවුඩුල්ල, මින්නේරිය අලිමංකඩ භූමියේ අනවසර හෝටලයක් ඉදි කිරීම, නීතිය ඉදිරියට ගොස් නතර කිරීමට හැකිවීම තම ජිවිතයේ ලද ජයග්‍රහණයක් ලෙස ඔහු සලකයි.
උපාලි කුමාරතුංග මහතාගේ භාර්යාව රැකියාවෙන් ඉවත්ව තම පවුල වෙනුවෙන් කාලය කැප කරන්නීය. දියණියන් දෙදෙනාගෙන් පළමු දියණිය ගණිත අංශයෙන් උසස්පෙළ හදාරා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සූදානම්ව සිටින අතර දෙවන දියණිය කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හදාරන්නීය.
ඔහුගේ ලිපිනය – අංක 185/ඒ, මරළුවැව, කුරුණෑගල වන අතර
ඊ-මේල් තැපෑල – kumarathungaupali1972@gmail.com වේ.
ශ්‍රී ලංකාවේ 17 වන ජාතික උද්‍යානය ලෙස හඳුනාගත් පරෙවි දූපත ජාතික උද්‍යානය දෙමළ භාෂාවෙන් පරාමලෙයි ලෙස හැදින්වෙන අතර දූපත පරෙවියන්ගෙන් ගහන වු බැවින් පරෙවි දූපත ලෙස නම් කර ඇත. අතීත රජ සමයේ පරෙවියන් මගින් පණිවිඩ යැවීම සදහා භාවිතා කල ස්ථානයක් ලෙස සැලකෙන මෙහි අද පවා පරෙවියන් දහස් ගනනක් දැකිය හැකිය. පරෙවිදූපත ජාතික උද්‍යානය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වාලෙයි උක්කු ග්‍රාමසේවා වසම තුළ පිහිටා ඇති දර්ශනීයම දූපත් උද්‍යානයකි. 2003.06.04 දින අංක 1291/16 දරණ ගැසට් පත්‍රය මගින් ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති මෙය නිල වශයෙන් සංචාරකයින් සදහා විවෘත කරනු ලැබුවේ 2011 මැයි 28 දින වේ.
මෙම උද්‍යානය දූපත් 02කින් සමන්විත වන අතර මෙයින් විශාල දූපත පරෙවි දූපත වන අතර, කුඩා දූපත කාක දූපත ලෙස හැඳින්වේ. මෙම දූපත් දෙක ඇතුළුව නොගැඹුරු කොරල් සහිත ප්‍රදේශයත් සමග හෙක්ටයාර 471.4 ක ප්‍රදේශයක් පරෙවි දූපත ජාතික උද්‍යානයට අයත් වේ. ඉතිරිය සාගර ජලයයි. විශාල පරෙවි දූපතට දිවයිනේ නිරිතදිග සහ උතුරු දෙපසට වන්නට කුඩා වෙරළ දෙකක් ඇතපරෙවි දූපත කොරල් පරයකින් වටවී ඇති අතර එය මීටර 200ක දිගකින් සහ මීටර 100ක පලලකින් යුක්ත වේ. එහි උසම ස්ථානය මධ්‍යනය මුහුදු මට්ටමට වඩා මීටර 44.8කි. කුඩා දුපත පාෂාණදූපත් වලින් වට වී ඇත. උද්‍යානය වියලි මිශ්‍ර වනාන්තර ස්වභාවයක් ගනී. මධ්‍යම වර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 27 ක් පමණ වේ. වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර 1000-1700 වන අතර බොහෝ විට වර්ෂාපතනය ලැබෙන්නේ ඔක්තෝම්බර් සිට මාර්තු දක්වා ඊසාන දිග මෝසම් සමයේදී වේ.
මෙය ඉහළ වන ගහනයත් සමගින් ඉතා ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත වු දූපතක් වේ. දූපත වටා කඩොලාන ශාක ප්‍රජාවක්ද ගොඩබිම් ප්‍රදේශයේ කටු පඳුරු, සියඹලා, නුග වැනි ශාක ද, දුර්ලභ ජලජ ශාක විශේෂ ද මෙහි හමු වේ. ශාක විවිධත්වය තරමක් අඩු අගයක් පෙන්වන මෙම දූපත වටා කඩොලාන ශාක ප්‍රජාවක් ද දැක ගත හැකිය. බේරියා, වැටකෙයියා, මහ කඩොල්, කදුරු, තෙල වැනි කඩොලාන විශේෂ හමු වේ. ගොඩබිම ප්‍රදේශයේ උස් ශාක විශේෂ ලෙස කොහොඹ, සියඹලා නුග දක්නට ඇත. කටු පදුරු සහිත වියලි කලාපිය ශාක විවිධත්වයක් පෙන්වන මෙහි දුර්ලභ ගණයේ ජලජ ශාක විශේෂ හමුවේ .
මෙම දූපතේ ජලය මත සිට පියවි ඇසින් විවිධ වර්ණවලින් යුක්ත වූ කොරල් දැකිය හැකි ස්ථානයකි. සාගර ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම දූපත වටා ජලයෙන් යටව පවතින මායිමේ විශාල කලාපයක් පුරා අනර්ඝ කොරල් තට්ටුවකින් සමන්විත වන අතර මෙහි කොරල් විශේෂ 100 ක් පමණ වේ. මෙම කොරල් පර ආශ්‍රිතව ජීවත් වන මත්ස්‍ය විශේෂ 300 ක් පමණ දැක ගත හැකි අතර ඒ හේතුවෙන් කොරල් පරිසර පද්ධතිය සංචාරකයන් හට මනස්කාන්ත දර්ශන සපයයි.
පරෙවි දූපත ජාතික උද්‍යානයේ ජලජ තීරයට කැස්බෑ විශේෂ කිහිපයක් පැමිණෙන අතර විවිධ මෝරු විශේෂයක් වන ගල්පර මෝරුන්ද මෙහි බහුලව දක්නට ලැබේ.පොතු කැස්බෑවා, ගල් කැස්බෑවා, බටු කැස්බෑවා යන විශේෂද මෙහිදි දැකගත හැක.
උද්‍යානයටම විශේෂව වාසය කරන ගල් පරෙවියන් නිසා පරවි දූපත යන නාමය එයට ලැබී ඇත. ගෘහාශ්‍රිත පරෙවියන් සමග දෙමුහුම් නොවු ගල් පරෙවියන් හමුවන විශ්වාසනිය ස්ථානය පරෙවි දූපතයි. දූපතේ වසන පරෙවියන් අප්‍රේල් මාසයේ දී බිත්තර දැමීම සිදු කරයි. සත්ව විද්‍යාඥයින් දක්වන්නේ මෙම දූපත පරෙවියන්ගේ අභිජනනයට සුදුසු වාසභුමියක් නිසා වසර දහස් ගණනක් පුරා පරෙවියන් මෙහි වාසභුමි කරගෙන ඇති බවයි. උද්‍යානය විවිධ කාලපරිච්ජේදයන් හිදී සංක්‍රමණික කුරුල්ලන්ගේද ලැගුම් ස්ථානයක් වේ.
දූපත වටා ඇති නොගැඹුරු විනිවිද බවින් යුත් ජලය මත පියවි ඇසින් විවිධ වර්ණ වලින් යුක්ත වු කොරල් විශේෂ දැකිය හැකිය. ඒ අතර Acropora, Montipora, Millepora ඝනයන්ට අයත් කොරල් ද Brain coral (Faviidae), Stony coral (Mussidae), Lobeand finger coral (Poritidae) කුලවලට අයත් කොරල් ද බහුලව හමුවේ. එසේම Sinularia, Lobophyton, sarcophyton වැනි ඝනයන්ට අයත් මෘදු කොරල් ඇති ප්‍රදේශද නිරික්ෂණය කළ හැකිය. කොරල්පර බොහෝ පෘෂ්ඨවංශී හා අපෘෂ්ඨවංශී ජීවීන්ගේ වාසස්ථානයක් මෙන්ම හොද අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ද ක්‍රියා කරයි. එමෙන්ම මෙම වෙරල කලාපය මුහුදු ජීවීන් හා කොරල්පර පිලිබඳ පර්යේෂකයන්ට සහ කිමිදෙන්නන්ට මෙන්ම Scuba, Surfing සහ Snorkeling වැනි ක්‍රියාකාරකම් කිරීම සඳහා උනන්දුවක් දක්වන අය සඳහා කදිම තෝතැන්නකි.
ජාතික උද්‍යානය තුළ පැමිණෙන සංචාරකයන් සඳහා ස්වාභාවික මංපෙත් 05 ක්ද ඉදි කර ඇත. පරෙවි දුපත ජාතික උද්‍යානයට කොළඹ සිට පැමිණෙන්නෙකු නිට්ටඹුව-කුරුණෑගල-දඹුල්ල-සීගිරිය-හබරණ-අග්බෝපුර-කන්තලේ හරහා කිලෝමීටර් 265ක් ගමන් කර ත්‍රිකුණාමලය නගරයට පිවිසිය හැක. එතැන් සිට කිලෝමීටර15 ක දුරකින් නිලාවේලි වෙරළට පැමිණියහැකි අතර වෙරළේ සිට බෝට්ටු ආධාරයෙන් කිලෝමීටර 2ක ගමනකින් පසු පරෙවි දුපත ජාතික උද්‍යානයට ළගා විය හැක.
උද්‍යානය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට නිලාවේලි වෙරළේ පිහිටුවා ඇති ප්‍රවේශ පත්‍ර කවුළුවෙන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැක.ත්‍රිකුණාමලයේ නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 2ක් පමණ දුරින් පිහිටි උද්‍යානයට ළගා වීමට වෙරළේ සිට පෞද්ගලික බෝට්ටු සේවාවක් පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා කාලය තුළ ක්‍රියාත්මක වේ. මැයි සිට සැප්තැම්බර් දක්වා මුහුදු රළු බවින් අඩු නිසා එම කාලය තුළ සංචාරය කිරිමට වඩාත් සුදුසු වේ.
වර්තමානයේ මෙම රමණිය දූපතට කොරල්පර ආශ්‍රිතව ධීවරයින් විසින් සිදුකරනු ලබන අනවසරයෙන් ඩයිනමයිට් දැමීම බලවත්ම තර්ජනය වී ඇත.
Sinhala Names | Tamil Names | English Names | Scientific Name |
ගල් පරෙවියා | மாடப்புறா | Blue Rock Pigeon | Columba livia |
පොතුකැස්බෑවා | அழுங்காமை | Hawksbill Sea turtle | Eretmochelys imbricata |
ගල්කැස්බෑවා | தோணியாமை | Green turtle | Chelonia mydas |
බටුකැස්බෑවා | ஒலிவ நிறச் சிற்றாமை | Olive ridley turtle | Lepidochelys olivacea |
ගල්පරමෝරා | கட்ட சுறா | Black tip reef shark | Carcharhinus melanopterus |
මොන්ටිපෝරා | மொன்டிபோரா | Montipora | A Genus of Scleratinian coral. May exhibit many different growth morphologies with 85 known speices. |
මිලිපෝරා | மிலிபோரா | Millepora | Fire coral are a genus of marine organisms that exhibit physical characteristcs similar to that of Coral. Not true corals. |
ඇක්රෝපෝරා | எக்ரொபோரா | Acropora | A Genus of small polyp stony coral. Some of its species are known as table coral. Elkhorn coral & Staghorn Coral. |
Sinhala Name | Tamil Name | English Name | Scientific Name |
සියඹලා | புளி | Tamarind | Tamarindus indica |
නුග | ஆலமரம் | Banyan | Ficus benghalensis |
බේරියා | தீப்பரத்தை | Beriya | Lumnitzera racemosa |
වැටකෙයියා | தாழை | Screwpine seashoe pandan | Pandanus tectorius |
මහ කඩොල් | கந்தல் | Mahakadol | Rhizophora mucronata |
කදුරු | காட்டரலி | Kaduru | Cerbera manghas |
තෙල | தில்லை | Thela | Excoecaria agallocha |
කොහොඹ | வேம்பு | Kohomba | Azadirachta indica |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය. – සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඡායාරූප- පිංතූර අන්තර්ජාලය ඇසුරෙනි.
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |