ආනවිලුන්දාව අභය භූමිය රැම්සා තෙත් බිමක් කරන්න අපි යෝජනා කළා 2001 අවුරුද්දේදී. රැම්සා කියන්නේ තෙත් බිම් සහිත පරිසර පද්ධතියක් ආරක්ෂා කර ගන්න විවිධ කොන්දේසි සහිත අන්තර්ජාතිකව එළඹෙන ගිවිසුමක්. ලංකාවේ මේ වෙන කොට තිබුණේ බූන්දල රැම්සා තෙත්බිම විතරයි. ඒ 1991 වර්ෂයේ දී. ඉන් පස්සේ වෙනත් තෙත් බිමක් රැම්සා ගණයට අයිතිවෙලා තිබුණේ නෑ.
මම එතකොට වනජීවී සංරක්ෂණ දෙපාරතමේන්තුවට ගියා විතරයි. මම වැඩ කළේ සංවර්ධන හා කළමනාකරණ අංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් විදියට. ඒ කාලයේ එම අංශය භාරව හිටියේ ධර්මකීර්ති මහතා. සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස චන්ද්‍රලාල් හේරත් මහතා සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ලෙස ඩී.පී. ගුණසේකර මහතා කටයුතු කළා.
ආනවිලුන්දාව හොඳ අභයභූමියක්. එහි තිබෙන වැව් සහ පරිසර පද්ධතිය ආරක්ෂා කරන්න ඕන කියන මතයට ඔවුන් හැමදෙනාම එකඟ වුණා. මේ සම්බන්ධ දත්ත අඩුයි. ඒ දත්ත සොයා ගැනීම භාරදූර කාර්යයක්. මට සොයා ගැනීමට හැකි වුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 1:50,000සිතියමයි 1:10,000 සිතියමයි විතරයි. මගේ ප්‍රධානීන් මට කිව්වා මේ ව්‍යාපෘතියට අන්තර්ජාතික ස්වභාව සංරක්ෂණ එකමුතුවේ (IUCN) සහාය ගන්න කියලා.
මම ආපු ගමන්ම නිසා මම දැන ගෙන හිටියේ නෑ රාජකාරි කටයුතු සඳහා ආයතනයේ වාහන භාවිතා කරන්න පුළුවන් කියලා. ඒ කාලයේ දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ කොළඹ ග්‍රෙගරි පාරේ. IUCN කාර්යාලය තිබුණේ තිඔිරිගස්යාය කිට්ටුව. මම සිතියම් ටික රෝල් කර ගෙන බස් එකේ IUCN එකට ආවා. එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ ආචාර්ය චන්න බඹරගමුව මහතා. සඳුන් පෙරේරා මහතාත් ඔවුන්ගේ තවත් නිලධාරීන් කිහිප දෙනෙකුත් හිටියා. එහිදී අපි ආනවිලුන්දාවට ක්ෂේත්‍ර චාරිකාවක් යන්නට තීරණය කළා. ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වාහනයකින් සහ IUCN වාහනයකින් අපි ක්ෂේත්‍ර චාරිකාවට ගියා. මේ ක්ෂේත්‍ර චාරිකාවේ දී අපි ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් ඇලෙක්ස් ප්‍රනාන්දු මහතා හමු වූනා. විස්තර අහලා ඔහු හරියට සතුටු වුණා. උපරිම සහයෝගය දෙන්න පොරොන්දු වුණා.
අපි ක්ෂේත්‍ර චාරිකා කිහිප සැරයක්ම ගියා. මුලින්ම අවට මිනිස්සු මේ වැඩේට කැමත්තක් දැක්වූවේ නෑ. ඔවුන් හිතුවේ මොනවා හරි මගෝඩි වැඩක් කියලා. මිනිස්සු අපට විරුද්ධව විරෝධතා ව්‍යාපාරයකුත් කළා. IUCN කියපු ගමන්ම අන්තර්ජාතික වැඩක් කියලා හිතලා ඒ නිසා වෙන්න ඇති. අපි ප්‍රදේශයේ සිතියමක් සහ පිටු පිංචක් හැදුවා
අපිට ආනවිලුන්දාව බීට්ටු කාර්යාලයක් තිබුණේ නෑ. ආනවිලුන්දාව පාලනය වුණේ කොළඹ පුත්තලම මාර්ගයේ තියෙන ප්‍රාදේශීය කාර්යාලයෙන්. සහකාර අධ්‍යක්ෂ කාර්යාලය තිබුණේ අනුරාධපුරේ. ප්‍රාදේශීය ලේකම් කිව්වා අපි ප්‍රදේශයේ මහජනතාව සමඟ රැස්වීමක් තියමු කියලා. මේ ප්‍රදේශයේ ධීවරයෝ, ගොවියෝ, පිටින් ඇවිත් වැලි ගොඩ දාන අය, සංචාරක කර්මාන්තයේ යෙදෙන අය හිටියා. මෙම රැස්වීමට ප්‍රාදේශීය ලේකම්, IUCN නියෝජිතයන්, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ධීවර සමිති, ගොවිජන සමිති වැනි අය සහභාගී වුණා. ආනවිලුන්දාව අභයභූමියේ පරිසර පද්ධති වල වටිනාකම ගැන මිනිසුන්ට හොඳ අවබෝධයක් තිබුණා. රැස්වීමෙන් පස්සේ මිනිස්සු දැන ගත්තා මේ කරන්න යන්නේ හොඳ වැඩක් කියලා. කාලයත් සමඟ මිනිස්සු අපි එක්ක හිතවත් වුණා.
ප්‍රාදේශීය ලේකම් බීට්ටු කාර්යාලය හදා ගන්න ඉඩමක් දුන්නා. බීට්ටු කාර්යාලයක් තියෙන කොට හොර වැඩ කරන්න අමාරු නිසා මිනිස්සු කැමති වුණා. අපි ප්‍රධාන වශයෙන් විශ්ලේෂණ තුනක් කළා. සාමාජීය, ජෛව විවිධත්ව හා භූමි භාවිතය සම්බන්ධයෙන්. සාමාජීය විශ්ලේෂණය ප්‍රශ්නාවලියක් හරහා IUCN මගින් සිදු කළා. ගමේ මිනිස්සු සංරක්ෂණය සම්බන්ධයෙන් දරණ අදහස්, ව්‍යාපෘතියේ අවශ්‍යතාවය ගැන ඔවුන්ගේ කැමැත්ත පිළිබඳ තොරතුරු එහිදි ලබා ගත්තා.
ජෛව විවිධත්වය සම්බන්ධයෙන් අපේ දැනුමට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ ආචාර්ය සමරරත්න මහතා විසින් පළ කර තිබුණු ලේඛනයක් ප්‍රයෝජනයට ගත්තා. භූමි භාවිතයේ දී ගෙවල් තියෙන්නේ කොහොමද, කඩොලාන පිහිටීම, වැව් පිහිටිම, ජලය රදා පැවතීම එවගේ දේවල් වල දත්ත ගත්තා. අවසානයේ දී පිළියෙල කරපු වාර්තාව ස්විස්ටර්ලන්තයේ ග්ලෑන්ඩ්හි IUCN මූලස්ථානයේ පිහිටි රැම්සා කාර්යාලයට යොමු කලා. මේ වැඩවලට අවුරුද්දක් විතර කාලය ගත වුණා. අවසානයේ දී 2001 වර්ෂයේ අගෝස්තු 1 වෙනිදා දී ආනවිලුන්දාව රැම්සා තෙත් බිමක් ලෙස ස්ථාපනය කිරිමට අපට පුළුවන් වුණා. එය ශ්‍රී ලංකාවේ දෙවන රැම්සා තෙත් බිමයි.
මේ සම්බන්ධයෙන් මම දැරූ වෙහෙස ගැන මට සන්තෝෂයි. මේ ළගදී මට අපි ඉස්සර නිතර යන එනකොට වාහනේ නවත්තපු තැන්, ඉස්සරහා ඉඳගෙන කෑම කාපු ඒ වගේම වැසිකිලිය පාවිච්චි කරපු නිවසේ නැන්දව බලන්නට ගියා. එයා නතර වෙලා හිටියේ වෙන තැනක. නමුත් මාව දැකලා එයාගේ ඇස් දෙකේ කදුළු පිරුණා. රැම්සා තෙත් බිම් ස්ථාපනය කිරිමෙන් මේ තැන්නට සිදු වුණු යහපත ගැන එයා කතා කළා. රාජකාරි ජීවිතය තුළ ආත්ම තෘප්තිය ලබා දුන් රාජකාරියක් ලෙස මම ආනවිලුන්දාව සිද්ධිය සළකනවා.
සිරිදත්තා චාන්දනී විල්සන් මහත්මිය ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක සේවයේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පත්වීම් ලබනුයේ 1998 වසරේදීය. 1999 වසරේ සිට ඇය සංවර්ධන හා කළමණාකරණ අංශය වෙත අනුයුක්ත කෙරිනි. 1998 සිට 2010 දක්වා වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක් ලෙසද 2011 වසරේ සිට නියෝජ්‍ය අධ්‍යක්ෂවරියක් ලෙසද සේවය කරන්නිය.
චාන්දනී විල්සන් මහත්මිය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිනියකි. එමෙන්ම එම විශ්ව විද්‍යාලයේම වන විද්‍යාව හා පරිසර කළමණාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද, ඊට අමතරව වනජීවී කළමණාකරණය පිළිබඳ ඉන්දියාවේ දෙහරාදුන් වනජීවී ආයතනයේදී පරිසර පාලනය පිළිබඳ පශ්චාත් ඩිප්ලෝමාවක්ද හදාරා ඇත.
1996 වසරේ මැයි සිට 1997 වසරේ අප්‍රේල් මාසය දක්වා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ (Demonstrator) ලෙස සේවය කරනු ලැබු ඇය වනජීවීයට අදාළ දේශීය, විදේශීය පුහුණු පාඨමාලා සහ වැඩමුළු රාශියකට සාර්ථකව සහභාගී වී ඇත. එමෙන්ම ඇය විසින් විවිධ අංශ යටතේ ක්ෂේත්‍රයට අදාල පර්යේෂණ පත්‍රිකා තිස් දෙකක් පමණ එළි දක්වා ඇති අතර පහතින් ඒ පිළිබඳව දක්වා ඇත. ඇය විසින් වනජීවීන් හා වනජීවී දෙපාර්තමේන්තුවට අදාලව පුවත්පත් සඳහා රචනා කොට ඇති ලිපි රාශියකි.
චාන්දනී විල්සන් මහත්මිය කොළඹ විශ්ව විද්‍යාලයේ හා ශ්‍රී ලංකා සංචාරක අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරියක් ලෙසද තම සේවය සපයනු ලබන්නීය. එමෙන්ම ඇය ඵලදායිතා කාර්යාලයේ විනිශ්චය මණ්ඩලයේද සේවය කරනු ලබන අතර ජර්මාණු සංවර්ධන සංස්ථාවේ ව්‍යාපෘතියේ මෙහෙයුම් නිලධාරිනිය ලෙස 2018 වසරේ සිට අද දක්වා සේවය කරනු ලබන්නීය.
චාන්දනී විල්සන් මහත්මිය විසින් ආරක්ෂිත ප්‍රදේශයන්හි ජලාශ ප්‍රතිසංස්කරණය සඳහා මාර්‌ගෝපදේශයක් සකස් කරනු ලැබ ඇත.
ඇය විවාහ වුයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරයෙකු වන නිශාන්ත මෙන්ඩිස් මහතා සමඟය. ඔවුන්ගේ දියණිය හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ උසස් පෙළ හදාරන්නීය.
I. Fire Management Protected area in Sri Lanka, Dharmathilaka P.M, Wilson A.S.C. Scientific Dimentions of Forest Fires, India 2000 II. Socio economic impact on mangrove Resource uses in Muthurajawela marsh and Negombo lagoon Area in Sri Lanka, Ranasinghe, D.M.S.H. K. Wilson C., International Conference on Conservation of Wetlands, 2003 III. Demand and other socio – economic impacts on mangrove resources use in Muthurajawela and Negombo lagoon. 2002 IV. Ecosystem management and community development plan for Anawilundawa Wildlife Sanctuary and Ramsar wetland. 2004 V. An assessment of water resources dependency of surrounding community and impacts of aquatic weeds of water bodies in Anawilundawa Wildlife Sanctuary and Ramsar Wetlands in Sri Lanka. 2006 VI. An assessment of impact of aquatic needs control methods on water resources dependency in Anawilundawa Ramsar Wetland. S.Chandani Wilson SLAFAR 14th annually scientific sessions 2008 VII. An assessment of impacts of aquatic weeds and weed control methods on water resource dependency in Anawilundawa Ramsar wetland, Sri Lanka association for fishers and aquatic resources (SLAFAR) 2008 VIII. An analysis of water quality and availability in some selected villu eco systems in WilapattuNational Park, Sri Lanka, Wild Lanka International Journal. 2014 IX. The fauna and flora diversity of some selected villus in Wilpattu National Park, Wild Lanka International Journal. 2015 X. Fluctuation of avian diversity in some selected villus in Wilpattu National Park, Sri Lanka, Winc, WUSL, Wayamba International Conference, Wayamba University of Sri Lanka. 2016 XI. An analysis of Intensity of human elephant conflict based on human and elephant deaths and compensations for property damages in Sri Lanka. Wild property damages in Sri Lanka. Wild Lanka International Journal.2016 XII. Rapid assessment of flora, butterfly, dragonfly and avifauna to determine the baseline in Mailawewa reservoir of Wilpattu National Park, Sri Lanka. Proceeding of the Annual Session of Department of Wildlife Conservation, 2017, Colombo. Wild Lanka International Symposium. 2017 |
XIII. A study on elephant distribution pattern with respect to different habitat types at Maduruoya National Park in Sri Lanka Wild Lanka International Sysposium.2018 XIV. Body condition of Elephasmaximus in Maduruoya National Park, Sri Lanka. WinC WUSL, WayambaUndiversity of Sri Lanka. 2019 XV. A study on elephant distribution, ranging pattern with respect to different habitat type at Maduruoya National Park in Sri Lanka, in a view of mitigating human elephant conflict, Wild Lanka International Journal. 2019 XVI. An Investigation on density of recorded human elephant conflict, measured taken to mitigate and the body condition of elephant observed within Maduruoya National Park Wild Lanka International Journal. 2019 XVII. Living and farming in the vicinity of Maduruoya National Park with elephants: solutions need thinking beyond fences, Winc WUCL, Wayamba university international Reseacch congress. 2020 XVIII. Elephant movements around Maduruoya National Park; importance of elephant corridors. Winc WUCL, Wayamba university international Research congress.2021 XIX. Ecotourism for wildlife management, 2021, the journal of wildlife, Sri Lanka. XX. Potential for wild elephant –based ecotourism practices in and around Maduruoya National Park,2022, International journal of Tourism economics and applied research XXI. Distribution of wild Elephants and Human-Elephant conflict in Maduruoyaarea,Sri Lanka , 2022, Wayamba university international Research congress. XXII. Distribution of wild elephants and human elephant conflicts in and around Maduruoyaaraa, Sri Lanka, 2023.Wildanka international journal XXIII. The elephant migration pattern and how it affectstoMaduruoya area, 2023, Wayambarinternational research congress |
1997 ජුනි 11 වන දින වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් වන සත්ත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ අභයභූමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලද ආනවිළුන්දාව තෙත්බිම 2021 අගෝස්තු 03 වන දින අන්තර්ජාතික වශයෙන් වැදගත් (විශේෂයෙන්ම පර්යටනය කරන ලද ජලජ පක්ෂීන් සඳහා) රැම්සා තෙත් බිමක් ලෙස පත් කරන ලදි. මෙහි පවතින ජෛව විවිධත්වයේ පොහොසත්කම, පර්යටනය කරන පක්ෂීන්ගේ ආහාර බිමක් ලෙස ක්‍රියා කිරීම හා ඓතිහාසික හා සංස්කෘතික වටිනාකම මේ සඳහා හේතු විය.
අභය භූමියේ මායිම ලෙස උතුරින් බත්තූළු ඔය – උඩප්පුව මහා මාර්ගයද, නැගෙනහිරින් පුත්තලම – හලාවත දුම්රිය මාර්ගයද, දකුණින් සෙන්ගල් ඔය හා බටහිරින් පාරු අුල (ඕලන්ද ඇල) ද වේ. මෙහි විශාලත්වය හෙක්ටයාර් 1397ක් පමණ වේ.
ක්‍රි.පු. 12 වන සිය වසයේ දී පමණ මහාපරාක්‍රමබාහු රජු විසින් එල්ලන්ගා වාරි ක්‍රමයට සකසන ලදපෞරාණික වැව්පද්ධතියකින් සමන්විතවේ. මෙහිආනවිළුන්දාව, පිංකට්ටටිය, සුරුවිල, මයියාව, මරදන්සෝලේ, වෙල්ලාවල හා ඉරක්කාවිල හෙවත් ඉහළවැවලෙස හදුන්වන නොගැඹුරු ප්‍රධාන වැව්07 කින් සමන්විතවේ.
මහා සමුද්‍රයෙන් වට වු වෙරළ තීරයෙන් ද කඩොලාන ශාක ප්‍රජාවගෙන් සහ මිරිදිය වාරි පද්ධතියකින්ද සුසැදි ආනවිලුන්දාව අභය භුමිය ශ්‍රී ලංකාවේ පිහිටි අපූර්තවම පරිසර පද්ධතියකි.දස දහස් සංඛ්‍යාත දේශීය මෙන්ම විදේශීය පක්ෂීන්ට වාසස්ථාන සපයන මෙම අභය භුමිය ජලජ ජිවීන්ට මෙන්ම ජලජ ශාක ප්‍රජාවට ද මනා වු තෝතැන්නකි.
සුන්දර කුරුළු පාරාදීසයක් වන මෙම අභය භූමියේ දේශීය පක්ෂි විශේෂ 131ක් මෙන්ම පර්යටන පක්ෂීන් විශේෂ 37ක් පමණ වාර්තා වී ඇත.මෙම අද්විතීය පාරිසරික සැකැස්ම, ආනවිලුන්දාව පක්ෂි විශේෂ සිය ගණනක් සඳහා හිතකර කූඩු සහ අභිජනන භූමියක් බවට පත් කර ඇත . මහ දියකාවා,විවර තුඩුවාආදි පක්ෂීන්ගෙන් සමන්විතවිශාල අභිජනන ජනපදයකි. ක්ෂීරපායී විශේෂ 20 ක්, උභය ජීවී විශේෂ 11ක් උරග විශේෂ 34ක් සමනලුන් විශේෂ 74 ක් හා මත්ස්‍ය විශේෂ 47ක් වාර්තා වී ඇත. බොහෝ ආවේණික සහ නේවාසික පක්ෂීන් වසර පුරා නිරීක්ෂණය කළ හැකි අතර සංක්‍රමණිකයන් වඩාත් හොඳින් දැකිය හැක්කේ ඔක්තෝබර් සහ අප්‍රේල් මාස අතරය. ආනවිලුන්දාව පක්ෂී අභයභූමිය, පක්ෂී නිරීක්ෂකයින් සහ ස්වභාවධර්මයට ආදරය කරන්නන් අතර ඉතා ජනප්‍රිය ස්ථානයකි.ඔවුන් මෙහි පැමිණෙන්නේ දුර්ලභ පක්ෂීන් දැකීමට සහ ඡායාරූපකරණයේ යෙදීමටය.
ආනවිලුන්දාවේදී දැකිය හැකි පක්ෂීන් සමහරක්
හැටේ දශකයේදි ලෝකයේ තෙත් බිම් වලට අඳුරු කල දශාවක් උදාවීමෙන් ලෝකයේ පැවති තෙත් බිම් රාශියක් ගොඩබිම් බවට පත්වන්නටත් සංවර්ධනය වන්නටත් විය. බොහෝ තෙත් බිම්, වගා බිම් බවට පත් විය. ඇතැම් ඒවා ජනාවාස හෝ නගර බවට පත් විය. මේ හේතුවෙන් බොහෝ රටවල් පාරිසරික විපර්යාසයන්ට මුහුණදුනි. ගංවතුර ගැලීම,කඳු නායයාම,පරිසර උෂ්ණත්වය ඉහළ යාම වැනි බොහෝ පාරිසරික විපර්යාසයන් හේතුවෙන් මිනිසුන්ට විවිධ දුෂ්කරතා අත්විඳින්නට සිදු විය. මේ නිසා තෙත්බිම් ගොඩකිරීමෙන් සිදුවන අනිටු ප්‍රතිඵල පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය වැඩි වශයෙන් යොමු කරවීමේ අවශ්‍යතාවය මතු විය.එහි ප්‍රතිඵලයක් ලෙස 1971 දී ඉරාකයේ රැම්සා නගරයට රැස් වුරටවල් 136 ක එකතුවෙන් ලෝකයේ තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් සම්මුතියකට එළඹිනි. ඒ තෙත් බිම් සංරක්ෂණය පිළිබඳ රැම්සා සම්මුතියයි. මෙම සම්මුතියේ වැදගත්කම අවබෝධ කරගැනීමෙන් ශ්‍රී ලංකාවද 1990 ඔක්තෝම්බර් 15 වන දින රැම්සා සම්මුතියෙහි පාර්ශ්වීය රටක් ලෙස ගිවිසුම් ගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ පිහිටි තෙත් බිම් පරිසර පද්ධති 6ක් මේ වන විට ජාත්‍යන්තර රුම්සා තෙත්බිම් ලෙස ප්‍රකාශයට පත් වී ඇත.
1) බූන්දල ජාතික උද්‍යානය – 1990.06.15
2) මාදු ගග අභය භුමිය – 2001.08.03
3) ආනවිලුන්දාව අභය භූමිය – 2003.12.11
4) වාන්කලෙයි අභය භුමිය – 2010.07.12
5) කුමන ජාතික උද්‍යානය – 2010.10.29
6) විල්පත්තු ජාතික උද්‍යානය – 2013.01.28
මෙහි පවත්නා සුවිශේෂි වු පරිසරික වටිනාකම හේතුවෙන් ආනවිලුන්දාව අභය භුමිය 2001 වසරේ අගෝස්තු මස 03 වන දින ජාත්‍යන්තර රැම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් විය.පුත්තලම දිස්ත්‍රිකයේ ආරච්චිකට්ටුව ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර් 1397 කින් යුතු වු මෙම අභය භුමියේ අත්හැර දමන ලද ඉස්සන් කොටු රාශියක්ද පවති. එසේ අත්හැර දමන ලද ඉස්සන් කොටු තුල නැවත කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය කිරිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගනු ලැබිණි. ඒ අනුව පාරු ඇල ආශ්‍රිතව අත් හැර දමා තිබු හෙක්ටයාර් 4 ක පමණ භුමි භාගයක අභ්‍යන්තර ජලවහන රටාව විධිමත් කරමින් කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය කිරිමට සුදුසු පරිසරය නැවත නිර්මාණය කෙරිනි.
තවද ආනවිලුන්දාව අභය භූමිය තුල ශාක විශේෂ 264ක් හඳුනා ගෙන ඇත. මේ අතරින් 110ක් ගස් වර්ගද, 54ක් පදුරු ශාකද, 68ක් පැළැටි වර්ගද, වැල් වර්ග 30ක් හා අපි ශාක වර්ග 2ක් වාර්තා වී ඇත.වර්තමානයේ ධීවරයන් විසින් මාළු ඇල්ලීම සඳහා පාරු ඇල යොදා ගන්නා අතර, ඇල ඉවුර දෙපස කඩොලාන ශාක ප්‍රජාව මඟින් ආරක්ෂිත ආවරණයක් ලෙස ක්‍රියා කරයි. මෙහි ශාක අතර මහ කඩොල්, උල් මණ්ඩ, මොට මණ්ඩ,තෙලකීරීය, බෙරිය, මුට්ටි කඩොල්, මල් කඩොල්, පුං කණ්ඩ/රතු ගස්, කළු කඩොල්, ඇටුන, ගිං පොල් ආදී කඩොල ආශ්‍රිත ශාක විශේෂ 13ක් මෙහි දැකිය හැක. එලෙසමවර්තමානයේ ධීවරයන් විසින් ආනවිලුන්දාව අභය භුමියේ පරිසර තත්වයන්ට ගැලපෙන කඩොලාන විශේෂ වන මල් කඩොල්,හීන් මල් කඩොල් සහඇවරි කඩොල්/හීන් කඩොල් එම භුමියේ නැවත සිටුවිමට කටයුතු කෙරිනි.
විද්‍යාත්මක ක්‍රමවේදයට අනුව මනා පරිසරික කළමනාකරණයකින් යුතුව සිදු කෙරෙන මෙම කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය මගින් ආනවිලුන්දාව අභය භුමියේ පාරිසරික විද්‍යාත්මක පාරිසරක,ආර්ථික,සමාජිය මෙන්ම අධ්‍යාපනික අගය නුදුරු අනාගතයේදි මිල කල නොහැකි ලෙස ඉහල යනු ඇත.වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව වයඹ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ උපදේශකත්වයෙන් යුතුව සිදු කෙරෙන කඩොලාන ශාක ප්‍රතිස්ථාපනය,ඉස්සන් කොටු පැවති ඉතිරි භුමි භාගයේදී ද නොබෝ දිනකින් සිදුකෙරෙනු ඇත.මේ සදහා රාජ්‍ය නොවන ආයතන සහ ව්‍යාපාරික ප්‍රජාවගේද සහාභාගිත්වය ලබා ගැනිමට අපේක්ෂා කෙරේ.පෘථිවියේ වෙසෙන සියලු ජිවීන්ගේ තිරසර පැවැත්ම උදෙසා අනුපමේය මෙහෙයක් නිහඩව ඉටු කරනු ලබන කඩොලාන පරිසර පද්ධතිය ඇතුළු තෙත් බිම් පරිසරය, සංරක්ෂණය කිරිම හෙට දිනයේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් උදෙසා අද දිනයේ අප කරන්නාවු මහඟු මෙහෙවරකි.
ආනවිලුන්දාව අභය භූමිය 2001 අගෝස්තු මාසයේදි රැම්සා සම්මුතියට අයත් 1078 වැනි රැම්සා තෙත්බිම ලෙස ප්‍රකාශයට පත් විය. අසුව දශකයේදි ආනවිලුන්දාව අභය භූමිය ආශ්‍රිත භූමි ප්‍රදේශය මහ පරිමාණ ඉස්සන් වගාව සඳහා භාවිතා වුවද, අනූව දශකයේ අග භාගයේදි පැතිරී ගිය රෝගයක් හේතුවෙන් එම ප්‍රදේශයේ ඉස්සන් වගාව අත්හැර දැමිනි. අද එම භුමි භාගයද ආනවිලුන්දා අභය භුමියට අයත් භුමි භාගයක් ලෙස භාවිතයට ගෙන කඩොලාන ශාක ප්‍රතිෂ්ඨාපනය කිරිමේ ව්‍යාපෘතියක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර තිබේ.ආනවිලුන්දාව අභය භුමියේ කිවුල් දිය තෙත්බිම් පරිසර පද්ධතිය, කඩොලාන ශාක ව්‍යාප්තියට තෝතැන්නකි.වෙරළ ඛාදනය වැලැක්වීම,සුළං පාලනය,පාංශු සංරක්ෂණය, ඉස්සන් පොකුරිස්සන් වැනි ජලජ ජිවීන්ගේ සහ මත්ස්‍ය විශේෂයන්ගේ අභිජනනය භූමියක් ලෙස ක්‍රියාකිරීම,පෝෂක ද්‍රව්‍ය නිෂ්පාදනය සහ රඳවා ගැනිම පමණක් නොව කඩොලාන ශාක ප්‍රජාව සහ මුහුදු තෘණ සහ කොරල්පර පරිසර පද්ධති හා පවත්නා අන්තර් සබඳතාවය සහ පරිසර සමතුලිතභාවය පවත්වා ගැනිම ආදී කඩොලාන මගින් සිදුවන සේවය මිනිසා ඇතුළු ජීවි ප්‍රජාවගේ පැවැත්මට බෙහෙවින් උපකාරි වේ.
ආනවිලුන්දාව කඩොලාන ව්‍යාපෘතියට විශ්වවිද්‍යාල මෙන්ම පුද්ගලික ආයතන මගින්ද අනුග්‍රහය ලබා දී දැනට හෙක්ටයාර 40 ක් පමණ ප්‍රමාණයක එම ප්‍රදේශයට ගැලපෙන ස්වභාවික කඩොලාන සාර්ථක ලෙස සිටුවා තිබෙන අතර එම ප්‍රමාණයෙන් 95% ක් සාර්ථකව පැලවී තිබිම යහපත් තත්වයකි. එසේම තෙත් බිම් ආශ්‍රිත ආක්‍රමණික ශාක ඉවත් කිරිම ආදී ව්‍යාපෘති රාශියක්ද බුන්දල ජාතික උද්‍යානය ඇතුළු රක්ෂිත ප්‍රදේශවලදි ක්‍රියාත්මක වෙමින් පවතී.මෙලෙස මෙවැනි ව්‍යාපෘති දියත් කිරිම හරහා දිවයිනේ පෙනහළු බදු තෙත්බිම් නැවත සක්‍රිය වී මිනිසා ඇතුළු ජීවින්ට ජීවය ලබාදීමටත්, නැණවත්ව තෙත්බිම් පරිහරනය කරමින් මිනිසාගේ අනාගත පැවැත්ම උදෙසා වඩා යහපත් පරිසරයක් ගොඩනැගීමටත් හැකියාව ලැබෙනු ඇත.
Sinhala Names | Tamil Names | English Names | Scientific Name |
මහ දියකාවා | பெரிய நீர்க்காகம் | Great cormorant | Phalacrocorax carbo |
විවිර තුඩුවා | நத்தை குத்தி | Asian openbillstork | Anastomus oscitans |
තිත් හොට පැස්තුඩුවා | சாம்பல் கூழைக்கடா | Spot-billed pelikan | Pelecanus philippensis |
හීන් තඹ සේරුවා | சிறிய சீழ்க்கைச்சிரவி | Lesser whistling duck | Dendrocygna javanica |
පුංචි දියකාවා | சின்ன நீர்க்காகம் | Little cormorant | Phalacrocorax niger |
ගෝමර පිළිහුඩුවා | கார்வெண் மீன்கொத்தி | Pied kingfisher | Ceryle rudis |
අභිකාවා | பாம்புத்தாரா | Darter | Anhinga melanogaster |
කරවැල් කොකා | செந்நாரை | Purple heron | Ardea purpurea |
පුංචි ගෙඹිතුරුවා | சிறு முக்குளிப்பான் | Little grebe | Tachybaptus ruficollis |
Sinhala Name | Tamil Name | English Name | Scientific Name |
මහ කඩොල් | கண்டல் | Red mangrove / Asiatic mangrove | Rhizphora mucronata |
උල් මණ්ඩ | வெண் கண்டல் | Grey mangrove / White mangrove | Avicennia marina |
මොට මණ්ඩ | அலையாத்தி | Indian Mangrove | Avicennia officinalis |
මුට්ටි කඩොල් | கண்டலங்காய் | Cannonball mangrove | Xylocarpus granatum |
තෙලකීරීය | தில்லை | Blinding tree / Blind-your-eye mangrove | Excoecaria agallocha |
ගිං පොල් | நிபா பழம் | Mangrove palm | Nypa fruticans |
ඇටුන | சொன் முந்திரி | Glass tree management | Heritierrali |
බෙරිය | தீப்பரத்தை | White-flowered black mangrove | Luminitzera recemosa |
මල් කඩොල් | காக்கண்டல் | Upriver orange mangrove | Bruguiera sexangula |
හීන් මල් කඩොල් | சிகப்பு காக்கண்டல் | Flowering mangrove | Bruguiera cylindrica |
ඇවරි කඩොල් / හීන් කඩොල් | நரிக் கண்டல் | Black mangrove | Aegiceras corniculatum |
කළු කඩොල් | நிலாட் | Yamstick mangrove | Scyphiphora hydrophyllacea |
පුං කණ්ඩ / රතු ගස් | பன்றிக்குத்தி | Indian Mangrove | Ceriops Sps |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා, සංවර්ධන නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඉංග්‍රීසි පරිවර්තනය – අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
වෙබ් අඩවි සැකසුම- එන්.අයි.ගයත්‍රි, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය, සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඡායාරූප–රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |