සොරුන් ඉතා දරුණුයි.
මම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බැඳුනේ1997දී. හෝර්ටන් තැන්න සහාකාර අධ්‍යක්ෂ විදියට2000වසර දක්වා වැඩ කළා. නැගෙනහිර කලාපයේ සහකාර අධ්‍යක්ෂ විදියට2002වසර දක්වාත් මධ්‍යම කලාපයේ සහකාර අධ්‍යක්ෂ විදිහට 2003වසරේත් වැඩ කලා.2024 ජනවාරි මාසයේ ස්ථාන මාරුවක් ලබලා පොළොන්නරුව කලාප අධ්‍යක්ෂ විදිහට ආවා.
මට වැඩිදුර අවධානය යොමු කළේ වනජීවී අපරාධවලට. පොළොන්නරුව කලාපයේ වනජීවී අපරාධ වැඩීයී. මැණික් ගරනවා. පස් ගන්නවා. වැලිගොඩ දානවා. සත්තු දඩයම් කරනවා.
මට හැකි ඉක්මනින් වැටලීම් අංශයක් පිහිටෙව්වා. අපරාධයක් තියෙන තැනටකණ්ඩායම යවනවා. කණ්ඩායමේ සාමාජිකයන් වරින් වර මාරු කලා.
මම ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වැලි ගොඩ දාන එක නැවැත්තුවා. මේ සම්බන්ධයෙන් එවකට හිටිය ඇමතිවරයෙක් මට බැන්නා.
මට අවශ්‍ය වුනා මැණික් ගරන එක නවත්වන්න. මැණික් පතල් ගොඩක් ඇලහැර අභය භූමියේ තිබුණා. මේ කාලයේ ප්‍රධාන කාර්යාලයෙන් ඇලහැර පාර හදන්න ප්‍රාදේශීය සභාපතිවරයා අවසර ඉල්ලලා තිබුණා.
මම දිනයක් දුන්නා2004වර්ෂයේ මැයි14වෙනිදාට නිරීක්ෂණ චාරිකාවකට. අපි එදා ක්ෂේත්‍ර චාරිකාවකට ගියා. මා සමඟ ගියේ අඩවි සහකාර උපාලි ධීරසිංහ මහතාත්, වන සත්ව නියාමකවරුන් වන කුමාරසිරි විජයකෝන්, ධනසිරි ගුරුගේ හා ඒ.ඇම්.ජයසුරිය යන පිරිසයි. මේ අය හිටියේ වැටලීම් අංශයේ.
අපි වාහනයෙන් ගියේ. අපි කට්ටියම ප්‍රාදේශීය සභාවට ගියා. ප්‍රාදේශීය සභාපති හමුවෙන්න ගිහින් අවශ්‍ය තොරතුරු ලබා දුන්නා. ඔවුන් දහවල් ආහාරයට අපිට ආරාධනා කළත් අපි නතර වුනේ නෑ.
ඇලහැර අභය භූමීයේ ‘පොල් අතු වාඩිය’ කියලා තැනක් තියෙනවා. එතැන කට්ටිය මැණික් ගරනවා. අපි වාහනයෙන් ඒ කිට්ටුවට ගියා. වාහනේ හිටපු නිලධාරීන් මට කිව්වා.
“සර්, ‘කිරිඔය’ කාර්යාලයේ ඉන්න අපි ගිහින් බලලා එන්නම්” කියලා.
මම කිරිඔය බීට්ටු කාර්යාලයට ගියා. අනෙක් නිලධාරීන් ඇතුලෙන් පොල් අතු වාඩිය පැත්තට පයින් ගියා. එනකොට වෙලාව දවල් දෙකයි කාලට විතර ඇති.
මම බීට්ටු කාර්යාලයට වෙලා බලාගෙන හිටියා අපේ කට්ටිය එනකම්. හරි ප්‍රමාදයි. හවස හතර විතර වුනා. ඒත් කට්ටිය නෑ. එතැන ඉඳලා ගඟ දිගේ බීට්ටු කාර්යාලයට එනවා නම් කි.මී. 2 ක් විතර දුරක් තියෙන්නේ. ඔවුන්ට කතා කරන්න ජංගම දුරකථනයක්වත් නෑ.
කිරිඔය බීට්ටු කාර්යාලය තියෙන්නේ ප්‍රධාන පාරේ ඉඳලා මීටර් 500ක් විතර ඇතුලට. මම බලාගෙන ඉඳලා බැරිම බැරිම තැන රියදුරුත් එක්ක කිරිඔය බීට්ටු කාර්යාලයේ ඉඳලා කි.මී.2ක් විතර ඇතුලට වාහනයෙන් පොල් අතු වාඩිය පැත්තට ගියා. මම ඈතට දැක්කා පොල් අතු වාඩිය පැත්තේ ලොකු කණ්ඩායමයක් ඉන්නවා. ඔවුන් කලහකාරී විදිහට හැසිරෙනවා වගේ පෙනුනා.
“ සර් ප්‍රශ්නයක් වගේ ඉස්සරහට යන එන හොඳ නෑ. වාහනය හරවමු” කියලාරියදුරු කිව්වා.
අපි වහාම වාහනය හැරෙව්වා.
අපි දැක්කා අපේ වාහනය හරවන කොට කීපදෙනෙක් ටිපර් වාහනයකට නගිනවා. ඔවුන් හෝන් ගගහා අපේ පිටිපස්සෙන් ආවා. රියදුරු ‘ඉක්මනට පොලීසියට යමු’ කියලා වාහනය වේගයෙන් පැදෙව්වා.
මේ පාරේ හැමතැනම වලවල්. වාහනේ වලවල් වලට වැටෙනවා. වාහනේ වලකට වැටෙන කොටම බොනට් එක ඇරුනා. බොනට් එක වහන්න බහින්න බෑ. වාහනය ගන්නත් බෑ. මම රියදුරුට කිව්වා. කොහොම හරි වාහනය පදවන්න කියලා. රියදුරු වාහනය උඩට ගත්තා. නැවත වාහනය යනකොට තව වලකටවැටුනා. ඒත් එක්කම බොනට් එක වැහුනා.
කොහොමින් හරි අපි ලග්ගල පොලීසීයට ගියා. ස්ථානාධිපතිට සිද්ධිය කිව්වා. නමුත්සිද්ධ වුනේ බලාපොරොත්තු නොවුන දෙයක්.
ස්ථානාධිපති ‘ඔයාලා මිනිස්සුන්ට ප්‍රශ්න දානවා’ කියලා මට සැරෙන් කථා කලා.
මම කිව්වා ‘ අපේ රාජකාරීය වනජීවී අපරාධ නවත්තන එක’ කියලා.
ඒත් මට තේරුනා ස්ථානාධිපතිගෙන් අපට උදව්වක් නෑ. එයා මැණික් ගරන මිනිස්සු එක්ක ඉන්නේ කියලා.
මම පොලීසියෙන් පිටත් වුනා. පිටිපස්සෙන් ආපු අය මම පොලීසියට යනවා දැකලා ගිහින් තිබුණා. මම කල්පනා කලා ඇලහැර පැත්තේ යන්නත් බෑ. වස්ගමුවට යන්නත් බෑ.මාතලේ පැත්තෙන් යන්න වෙන්නේ කියලා. ඉන්පස්සේ අපි රිවර්ස්ටන් පාරට දැම්මා.
මම මාතලේට ගිහින් සහකාර අධ්‍යක්ෂ කාර්යාලයට දුරකථන ඇමතුමක් ගත්තා. කවුරුත් උත්තර දුන්නේ නෑ. ගිරිතලේ පුහුණු මධ්‍යස්ථානයට කථා කළා. එතැනින් කිව්වා පොලීසීයට ගිහින් ස්ථානාධිපතිහම්බවෙලා පොල් අතු වාඩියට යන්න කියලා. මම ප්‍රධාන කාර්යාලයට දැනුම් දීලා ආපහු පිටත් වුනා පොළන්නරුවට යන්න. දඹුල්ලට ඇවිත් අපි කිරිඔය කාර්යාලයට කතා කළා.
එතැනින් කිව්වා‘සර් එක්ක ගියපු කට්ටියට මිනිස්සු හොඳටම ගහලා. හතර දෙනාගෙන් එක්කෙනෙක් නැති වෙලා. අනිත් අයටත් නැගිටින්න බෑ. එයාලව ට්‍රැක්ටරයට පටවලා හන්දියට ගෙනත් ටිපර් කරලා’ කියලා. අපේ කට්ටිය ඇලහැර පොලීසීයත් එක්ක එතනට ගිහින්. පොලීසිය මැරුණ කෙනා සහ තුවාල වුනු අය ඇලහැරට ගෙනිහින් ඉස්පිරිතාලයට ඇතුලත් කරලා කියලත් දැන ගත්තා.
පස්සේ සිද්ධිය හොඳින් දැන ගත්තා. අපේ අය යනකොට පාරේ ඔත්තු බලන කෙනෙක් අහුවෙලා. එයාට රබර් උණ්ඩ වලින් වෙඩි තියලා. එයා දුවලා ගිහින් පොල් අතු වාඩියේ අයට කියලා තියෙනවා ‘වනජීවී එකෙන් ඇවිත් වෙඩි තියෙනවා’ කියලා. පොල් අතු වාඩියේ ඉන්නේ ගමේ මිනිස්සුනේ. ඒ අය හොඳටම තරහා අරගෙන. අපේ අයට ගහලා ට්‍රැක්ටරයට පටවලා ටිපර් කරලා තියෙන්නේ ඒකයි.
එදා ඒ වෙලාවේ මැරුණේ වන සත්ත්ව නියාමක ධනසිරි ගුරුගේ මහතායි.
ඒ වෙලාවේ එතැන අයට ඕනැ වෙලා තියෙන්නේ මාව මරලා පුච්චන්න. වාහනේ පස්සෙන් එලවලා තියෙන්නේ කොහොමහරි මාව අල්ලගන්න.
දැන් මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙනවා.
යු.එල්.තවුෆික්මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන අතරශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියදහදාරා ඇත.
1997 සැප්තැම්බර් 01 වන දින ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයෙන් තේරී පත්වී හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයේ සහකාර අධ්‍යක්ෂවරයෙකු ලෙසට පත්වීම ලැබුයේය. ඉන්පසු නැගෙනහිර කලාපයේ සහකාර අධ්‍යක්ෂ ලෙසද මධ්‍යම කලාපයේ සහකාර අධ්‍යක්ෂ ලෙසද සේවය කර 2004 වර්ෂයේ පොලොන්නරුව කලාපයේ සහකාර අධ්‍යක්ෂ ලෙස සේවය කරනු ලබයි. මේ වන විට තවුෆික්මහතාශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ පළමු වන ශ්‍රේණියේ නිලධාරියෙකි.
යු.එල්.තවුෆික් මහතාගේ බිරිඳ මැකාන් මැකර් (BA/BC/MackanMakar) ජාතික පාසැලේ ගුරුවරියකි. ඔවුනට දියණියක් ද පුතණුවන් දෙදෙනෙකුද වේ. දියණිය, ටී. ෆාතිමා ෂාෆා යාපනය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ හතර වන වසරේ ඉගෙනුම ලබන වෛද්‍ය ශිෂ්‍යාවකි. වැඩිමහල් පුතු, ටී.අතීෆ් අහමඩ් රජරට විශ්ව විද්‍යාලයේ පළමු වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වේ. බාල පුතණුවන්, ටී.අහමඩ් අනුෆ් අලිගාර් ජාතික පාසලේ 9 වන ශ්‍රේණීයේ ඉගෙනුම ලබයි.
යු.එල්.තවුෆික්මහතාගේ ලිපිනය 38/1, පරණ මාර්කට් පාර, එරාවුර්.
ඔහුගේ දුරකථන අංකය 0718489219වේ.
ඇලහැර – ගිරිතලේ අභය භූමිය
වනජීවීන් සුරැකීම පිලිබඳව ප්‍රෞඩ ඉතිහාසයක් ලංකාවට ඇත. ලොව පළමු අභය භූමිය ලෙස දේවානම්පිය තිස්ස රජු විසින් මිහින්තලේ ප්‍රදේශය ස්ථාපනය කළ බවද දොලොස්වන සියවසේ රජකල රජවරුඅනුරාධපුර නගරයේ සිට යොදුන් 7කින් ආවරණය වන භූමි ප්‍රදේශයේ සතුන් මැරීම තහනම් කරමින් රාජාඥාවක් නිකුත්කල බවදමහා වංශයේ සඳහන් වේ.
මෙසේ ක්‍රම ක්‍රමයෙන් සංරක්ෂණ ක්‍රියාමාර්ග වැඩිදියුණු වීම නිසා අද වනවිට ශ්‍රී ලංකාවේ ස්ථාපිත රක්ෂිත වර්ග ගණනාවකි. දැඩි ස්වාභාවික රක්ෂිත, ජාතික උද්‍යාන, ස්වාභාවික රක්ෂිත, වන පිවිසුම්, හා අභය භූමි ලෙස ඒවා වර්ගකල හැකියි. මීට අමතරව සමුද්‍ර රක්ෂිත හා වන අලි කළමණාකරන පෙදෙස් යනුවෙන් අලුත් රක්ෂිත ද හඳුන්වාදී ඇත. මේවා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වේ. ලෝක උරුමයන් ලෙස නම්කල සිංහරාජය හා රක්ෂිත වනයක් වන නකල්ස් රක්ෂිත ප්‍රදේශයද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.
අභය භූමි(Sanctuaries) යනු, වන ජීවින්ට රැකවරණය සලසන අතරම මිනිස් ක්‍රියාකාරකම්ද පැවතිය හැකි භූමි ප්‍රදේශ වෙයි.මෙම භූමීන් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ පාලනය වේ. ලංකාවේ එවැනි අභයභූමි 68ක් පමණ තිබෙන අතර පොළොන්නරුව අභය භූමිය ඉන් එකකි.මෙම වනජීවි රක්ෂිත පොළොන්නරුව අභයභූමිය අදින් වසර 82 කට පෙර , එනම් 1938 මැයි 27 වෙනිදා ප්‍රකාශයට පත්කොට තිබේ. මෙය හෙක්ටයාර 1521.6ක විශාලත්වයෙන් යුතු වෙයි.මෙම අභයභූමිය ඇතුළුව පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ ඇලහැර- ගිරිතලේ , මින්නේරිය – ගිරිතලේ ආදි අභයභූමින් පවතී.
2000 ජනවාරි 13වැනි දින ගැසට් අංක 1114/15 යටතේ ප්‍රකාශයට පත්කරන ලද ඇලහැර – ගිරිතලේ අභය භූමිය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රිකයේ ඇලහැර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ කෝඳුරුවාව, අත්තනකඩවල, බකමුණ, ඇලහැර, අත්තරගල්ලෑව යන ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුළ මාතලේ දිස්ත්‍රිකයට යාබදව පිහිටි වර්ග සැතපුම් 54.2 පමණ වුමායිම් තුළ පිහිටි භූමියකි. එනම්හෙක්ටයාර් 14035.2 ක ප්‍රමාණයකින් යුත් භූමි ප්‍රදේශයකි.
ගංගා ජලය ශ්‍රී ලංකාවේ වැව් වෙත හරවා යැවීම ප්‍රථම වරට සිදුවුයේ යැයි සැලකෙන ඇලහැර ඇළේ ආරම්භය සිදු වන්නේ අබන් ගඟ හරහා වේල්ලකිනි එනම් අලහැර අමුණ බැදිමෙනි . ශ්‍රී ලංකීය රජවරු විසින් ඉදිකරන ලද ඇලහැර වේල්ල වාරිමාර්ග, ඉංජිනේරු සහ භූගෝල විද්‍යාව පිළිබඳ පුරාණ ශ්‍රී ලාංකේය ප්‍රවීණත්වය ප්‍රදර්ශනය කරයි. වසභ රජු විසින් මෙම මහා වාරි ව්‍යාපෘතිය ආරම්භ කරන ලද අතර පසුව මහසෙන් රජු යටතේ වැඩිදියුණු කිරීම් සිදු වු බවත් පසුව රජවු රජවරු විසින්ද විටින් විට වෙනස්කම්ද කර ඇති බවත් සඳහන්ය. 1942 දී ඩී.එස්. සේනානායක මහතාගේ මගපෙන්වීම යටතේ, තවදුරටත් මෙය වැඩිදියුණු කරන ලදී.එසේම ඇලහැර ඇලේ වම් ඉවුර දෙසින් පිහිටි කෝඳුරුවාව කඳු පංතියේ සිට ඇදී එන කෝන්ගැට ඔය, හීරටි ඔය, බකමූණන්ගේ ඇල,කෝට්ටපිටිය ඔය, අත්තනකඩවල ඔය වැනි ජල මූලාශ්‍ර මගින් රැගෙන එන අමතර ජලයෙන් ඇලහැර ඇල තව දුරටත් පෝෂණය වේ. එම ඔයවල් ඇල හා එක්වන ස්ථාන වල ශක්තිමත් ගල් අත්තිවාරම් සහ ගල් බැමි දමා වේගයෙන් ගලා එන එම ජලපහරවල් වලින් ඇලේ බැමි වලට වන හානිය වලකා ඇත.එසේම විශාල ජලස්කන්ධයක් ඇතුළු වන ස්ථාන වල වතුර උතුරා යෑම පිණිස අඩි 50 ක්පමණ පළල් වූ ගල්වානවල් සාදා තිබී ඇත. කුඹුරු වලට වතුර ගැනීම සඳහා සෑදූ සොරොව්ද ගලින්ම නිර්මිත වේ.
ඇලහැර – ගිරිතලේ අභය භූමිය ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වියළි සදාහරිත වනාන්තර නියෝජනය කරන අතරවස්ගමුව,මින්නේරිය,මාදුරු ඔය යන වියළි කලාපයට අයත් ජාතික උද්‍යාන වල පොදු ලක්ෂණ දැකිය හැකි වේ. එහි ශාක ලෙස බුරුතSatin (Chloroxylonswietenia), පලුPalu(Manilkarahexandra),කළුවරEbony (Diospyrosebenum), මිල්ලMilla(Vitexaltissma), වීරWeera(Drypetessepiaria) සහ හල්මිල්ලHalmilla(Berryacordifolia)ආදි ශාක වේ.
එසේම මෙම පරිසර පද්ධතිය ඇසුරු කර ගත් සත්ත්ව විශේෂ රාශියක් දැක ගන්නට ලැබේ. ක්ෂීරපායී විශේෂ, උරග විශේෂ, උභයජිවින් විශේෂ, සමනළ විශේෂ හා කෘමි විවිධත්වයද යහපත් අකාරයක ව්‍යාප්තියක් දක්නට ඇත.ශ්‍රී ලංකාවට ආවේණික මහ වදුරා Southern purple-faced langur (Semnopithecussenex) හා රිළවාToque Macaque (Macacasinica), හිවලුන්Golden jackal (Canisaureus), උනහපුලුවාGray Slender Loris (Loris lydekkerrianus), අලියාAsian elephant(Elephasmaximus),වල් ඌරාWild Boar (Susscrofa),තණ බිම් උලා කමින් සැරිසරන කුළුමීමාWater buffalo (Bubalusbubalis)සහ තිත් මුවන්Spotted deer (Axis axisceylonensis),ගෝනා Sambar(Rusa unicolor),ඉත්තෑවාPorcupine (Hystrixindica),වල් බළලාSmall cat (Felischaus) මෙන්ම වලසා Sloth bear (Melursusursinus)කලාතුරකින් දැක ගත හැකි වේ.එමෙන්ම සාමාන්‍ය කටුසු විශේෂ සහ විෂකුරු සර්පයින් ලෙස නාගයින් , පොලොන් විශේෂද මෙහි ජිවත් වෙති.
ශ්‍රී ලංකාවේ පක්ෂි විශේෂ ද විශාල ප්‍රමාණයක් උද්‍යානය තුළ දැක ගත හැකි අතර ගංගාධර වනපෙතේ හමුවන වතුරතු මල්කොහාRed-faced malkoha (Phaenicophaeuspyrrhocephalus), වලි කුකුළාSri lankajunglefowl (Gallus lafayettii), බහුරුමානාවාLesser adjutant(Leptoptilosjavanicus), රන් නළල් කොට්ටෝරුවාYellow-fronted barbet(Megalaimaflavifrons),ශ්‍රී ලංකා සිළු මහාකවුඩාSri Lanka Trogon (Harpactesfasciatus),හබන් කුකුලාSri LankaSpurfowl(Galloperdixbicalcarata), අළු කෑදැත්තා Sri Lanka greyhornbill (Ocycerosgingalensis),පොරෝ දෑකැත්තා Malabar pied hornbill (Anthracoceroscoronatus)ආදි මේ අතර විශේෂ තැනක් ගනි.
රන් නළල් කොට්ටෝරුවා
ශ්‍රී ලංකා සිළුමහා කවුඩා
සතාසිවුපාවුන්ට,වෘක්ෂලාවන්ට වාසස්ථාන සපයමින් දේශිය විදේශිය සංචාරකයින්ගේ මන දොල සපුරන මෙම අගනා අභය භුමිය අද වන විට විවිධ තර්ජනයන්ට නතු වෙමින් පවතින අතර ඒවා මැඩලිම සදහා මෙම ජාතික උද්‍යානයේ වනජීවි නිලධාරීහු නිරන්තර මෙහෙයක යෙදි සිටිති.
ඇලහැර – ගිරිතලේ අභය භූමියපිළිබඳව විස්තරයේ ඇති සතුන්ගේ නම් ලැයිස්තුව
எலஹெர – கிரிதலை சரணாலயம்தொடர்பான விளக்கத்தில் காணப்படும் விலங்குகளின் பெயர்ப் பட்டியல்
List of animals in the Elhera-GirithaleSantuary
Sinhala | Tamil Names | English | Botanical Name |
මහ වදුරා | சுள்ளிய சாம்பல் குரங்கு | Southern purple-faced langur | Semnopithecussenex |
රිළවා | செங்குரங்கு | Toque | Macacasinica |
හිවලුන් | செந்நரிகள் | Golden | Canisaureus |
උනහපුලුවා | தேவாங்கு | Gray Slender Loris | Loris lydekkerrianus |
අලියා | ஆசிய யானை | Asian elephant | Elephasmaximus |
වල් ඌරා | காட்டுப் பன்றி | Wild Boar | Susscrofa |
තණ බිම් උලා කමින් | புல்நிலங்களை மேயும்எருமை | Water buffalo | Bubalusbubalis |
තිත් මුවන් | புள்ளி மான்கள் | Spotted deer | Axis axisceylonensis |
ගෝනා | மரை | Sambar | Rusa unicolor |
ඉත්තෑවා | முள்ளம்பன்றி | Porcupine | Hystrixindica |
වල් බළලා | காட்டுப் பூனை | Small cat | Felischaus |
වලසා | தேன் கரடி | Sloth bear | Melursusursinus |
වතුරතු මල්කොහා | செம்முகப் பூங்குயில் | Red-faced malkoha | Phaenicophaeuspyrrhocephalus |
වලි කුකුළා | இலங்கை காட்டுக் கோழி | Sri lankajunglefowl | Gallus lafayettii |
බහුරුමානාවා | சிறுத்த பெருநாரை | Lesser adjutant | Leptoptilosjavanicus |
රන් නළල් කොට්ටෝරුවා | குக்குறுவான் | Yellow-fronted barbet | Megalaimaflavifrons |
ශ්‍රී ලංකා සිළු මහාකවුඩා | தீக்காக்கை | Sri Lanka Trogon | Harpactesfasciatus |
හබන් කුකුලා | சின்னக் காட்டுக் கோழி | Sri LankaSpurfowl | Galloperdixbicalcarata |
අළු කෑදැත්තා | இலங்கை சாம்பல் இருவாய்ச்சி | Sri Lanka greyhornbill | Ocycerosgingalensis |
පොරෝ දෑකැත්තා | மலபார் கறுப்பு வெள்ளை இருவாய்ச்சி | Malabar pied hornbill | Anthracoceroscoronatus |
ඇලහැර – ගිරිතලේ අභය භූමියපිළිබඳව විස්තරයේ ඇති වෘක්ෂයන්ගේ නම් ලැයිස්තුව
எலஹெர – கிரிதலை சரணாலயம்தொடர்பான விளக்கத்தில் காணப்படும் தாவரங்களின்பெயர்ப் பட்டியல்
List of trees in the Elahera – GirithaleSantuary
Sinhala Name | Tamil Name | English Name | Scientific Name |
බුරුත | முதிரை | Satin | Chloroxylonswietenia |
පලු | பாலை | Palu | Manilkarahexandra |
කළුවර | கருங்காலி | Ebony | Diospyrosebenum |
මිල්ල | காட்டு நொச்சி | Milla | Vitexaltissma |
වීර | வீரை மற்றும் | Weera | Drypetessepiaria |
හල්මිල්ල | சவண்டலை | Halmilla | Berryacordifolia |
සංස්කාරක– දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,
මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය-ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඉංග්‍රීසි පරිවර්තනය- අසෝක පලිහවඩන, පරිවර්ථක,වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අංශය, කෘෂිකර්ම හා වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
වෙබ් අඩවි සැකසුම-සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ, කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය.
ඡායාරූප- රෝහිත ගුණවර්ධන, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |