2017 අවුරුද්දෙ ජනවාරි මාසයේ දී මම නල්ලතන්නි වනඅඩවි කාර්යාලයට මාරු වුණා වන සත්ව අඩවි ආරක්ෂකවරයෙක් විදියට. මෙම ප්‍රදේශය කදුකර සීත කාලගුණය තියන ප්‍රදේශයක්. එනම් නල්ලතන්නි රක්ෂිත වනයට මායිම්ව තේ වතු පිහිටලා තියනවා. තේ වතු ආශ්‍රිතව ජීවත්වන බොහොමයක් දෙනා කරන්නේ තේ දළු නෙලීම. ඔවුන් උදේ පාන්දර ඉදලා තේ දලු නෙලන්න එනවා. ඒ එනකොට ඔවුන් අතර බල්ලෝ ගැවසෙනවා.
නල්ලතන්නි ප්‍රදේශයේ දිවියෝ ඉන්නවා. දිවි පවුලේ සාමාජිකයින් වන කොළ දිවියා හා හදුන් දිවියා බහුලවම ඉන්නවා. බළල් දිවියන් අඩුයි.
මේ දිවියන්ගේ ප්‍රධාන ආහාරය බල්ලන් කියලා දැනගන්නට ලැබුණා. මේ හේතුව නිසා ඒ පැත්තේ ප්‍රජාව දිවියන් නොරුස්සන ස්වභාවයක් තිබුණා. බල්ලන් නිසා විවිධ අවස්ථාවල ප්‍රජාව දිවියන් එක්ක ගැටුණු අවස්ථා තිබුණා. විශේෂයෙන් ම බල්ලන් බේරාගන්න යනකොට දිවියන් මිනිසුන්ට ද පහරදීම් කරපු අවස්ථාවන් ගණනාවක් තිබුණා.
අපි මිනිසුන්ව දැනුවත් කළා දිවියන්ගේ වටිනාකම, ඔවුන්ගෙන් බේරෙන්නේ කොහොම ද යන කාරණාසම්බන්ධයෙන්. ටික දිනක් යනකොට අපිට දැනගන්නට ලැබුණා මේ ප්‍රදේශයේ අතිශය දුර්ලභ කළු කොටියෙක් ඉන්නවා කියලා. මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය අවධානයෙන් සිටියා. දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය ඒකකය ද මේ සම්බන්ධයෙන් කටයුතු කළා.
උඩවලව පශු වෛද්‍ය ඒකකයේ නාලක මැදිහත්ව කටයුතු කළා. මේ දිවියාගේ සමීප ඡායාරූප කැමරාවල සටහන් වුණා.
මිනිස්සු දිවියන් අල්ලන්න මදු ගහනවා. අපි ඒවා ඉවත් කරනවා . නැවත දැනුවත් කරනවා.
අවාසනාවකට මගේ 2019 අවුරුද්දේ අන්තිම වෙනකොට ලංකාවට කොවිඩ් වසංගතයට මුහුණ දෙනවා. මේ නිසා අපිට වෙනදා වගේ දැනුවත් කිරීම් කරන්න නිරතුරුව මිනිස්සු එක්ක රැදෙන්න තියෙන අවස්ථාව අඩුවුණා. නමුත් මිනිස්සු තේ දලු නෙලීම දිගටම කරගෙන ගියා. ගම්මානවල වගා කිරීම් ද කෙරුවා. මේ අතරේ වගා ආරක්ෂා කර ගන්නයි බල්ලො ආරක්ෂා කර ගන්නයි මදු ගහන්න පෙළඹිලා තියෙනවා. තවත් හේතුවක් තමයි දැනුවත් කිරීම් නොලැබුණු මිනිසුන් මේ කටයුතු වල යෙදී තිබුණා. මදු ගහන එක අපේ අධීක්ෂණයෙන් ක්ෂණිකව ගිලිහුණා.
2020 අවුරුද්දේ මැයි 20 වෙනි දා කලු කොටියා මද්දකට අසුවෙනවා පෙ.ව9.45 වෙනකොට. අපිට තොරතුරු ඉක්මනින් ලැබුණා. දිවියා අහුවෙලා පැය භාගයක් යන්න කලින් අපි එතනට යන්න පුළුවන් වුණා.
ඒක ඉතාම කණගාටුදායක දර්ශනයක්. සතාගේ බෙල්ලට මද්ද වැටිලා සතා ගොරවමින් දගලනවා. එහෙට මෙහෙට පනිනවා. මිනිස්සු වටවෙලා කෑ කෝ ගහනවා. අපි ගියපු ගමන් මිනිස්සු ඉවත් කරලා සතාට ඉන්න පුළුවන් වාතාවරණයක් හැදුවා.
ඒත් එක්කම පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය මාලකයි පශු වෛද්‍ය අකලංක පිනිදියයි සහයකයොත් එක්ක එතනට ආවා. සමනල අඩවියේ අඩවි ආරක්ෂක පියසිංහ මහතාත් ආවා.සතා නිර්වින්දනය නොකර ගන්න විදියක් තිබුණේ නෑ. පශු වෛද්‍යවරු සතා නිර්වින්දනය කරලා මද්ද ඉවත් කළා. අපි සතා පෙට්ටියකට දා ගත්තා. මේ වෙලාව වනවිට හවස 1.30 විතර වුණා.
සතා නල්ලතන්නි කාර්යාලයට යාබදව පහළ භූමියේ තියාගෙන ප්‍රතිකාර කළා. කාර්යාලය පිහිටා තිබුණේ කන්ද උඩ නිසා එතනට සතා ගෙනියන්න අමාරුයි. රාත්‍රි නවය විතර වෙනකොට සතා ප්‍රකෘති තත්වයට පත්වුණා.
වැඩිදුර පරීක්ෂණ සදහා සතාව උඩවලව පශු වෛද්‍ය ඒකකය වෙත ගෙනයන්නට තීරණය වුණා. එතනදී දිගටම ප්‍රතිකාර කළා. සතාත් ප්‍රකෘති තත්වයෙන් සිටියා. නමුත් එහෙම හිටියේ දවස් හතරයි. අපේ දුර්ලභ කලු දිවියා ජීවිතක්ෂයට පත්වුණා. මද්දට අසුවුණ වෙලාවේ අභ්‍යන්තර ලේ ගැලීම් සිදු වී තිබීම මරණයට හේතුවයි.
මෙම කලු දිවියන් 1815දී රාජසිංහ රජ්ජුරුවන්ගේ සුරතල් සතුන් සමග සිටි බව වාර්තා වෙලා තිබෙනවා. ඉන්පසු වරින්වර ඔවුන් නිරීක්ෂණය වෙලා තිබුණත් මිනිසුන් සමග දින කිහිපයක් හෝ ගත කළේ මෙම කලු දිවියා පමණකි.
අපට කලු දිවියාට මද්ද ගහපු පුද්ගලයාව අල්ලා ගන්නට පුළුවන් වුණා. ඔහුට විරුද්ධව නඩුවක් ද අපි ගොනු කළා. නඩුව තවමත් විභාග වෙමින් පවතිනවා.
මෙම කලු දිවියා ගැන විශේෂ අවධානයක් යොමුකරලා තිබුණත් අවසාන මොහොතේ අපේ ළගට ගන්නට හැකිවෙලත් ජීවිතය බේරා ගන්නට බැරි වුණා. මද්දේ සතා වේදනාවෙන් බයවෙලා දගලපු හැටි මතක් වෙද්දි මට විශාල වේදනාවක් දැනෙනවා. කලු දිවියාගේ සිද්ධිය මගේ ජීවිතයට හානිකර සිද්ධියක් නොවුණත් මගේ රාජකාරී ජීවිතය කළඹවපු සිදුවීමක් කියල කියන්න පුළුවන්.
ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා 2003.06.02 දින ආධුනික වන සත්ව නියාමක වරයෙකු වශයෙන් වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය සඳහා පත්කෙරිනි. යාල ජාතික උද්‍යානයට රැකියාව සඳහා වාර්තා කල ඔහු 2008 වසර දක්වා එහි සේවය කළේය. ගම්පහ සහකාර අධ්යක්ෂ කාර්යාලයේ හා යාල ජාතික උද්‍යානයේ නැවත සේවයෙන් පසුව ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා2014 වසරේ දී මොරගොල්ල ජාතික වන උද්‍යානයේ අඩවි සහකාරවරයෙකු ලෙස සේවයට වාර්තා කළේය.
ප්‍රභාෂ් අරුණ කරුණාතිලක මහතා 2017 වර්ෂයේ නල්ලතන්නි අඩවි ආරක්ෂක වරයෙකු ලෙස උසස්වීම් ලබා එහි සේවයට පැමිණියේය. ඔහු වනජීවී දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ගිරිතලේ පුහුණු කේන්ද්‍රයේ ත්‍රෛමාසික නේවාසික පුහුණුව ද, ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ වනජීවී කළමනාකරණ පාඨමාලාව ද හදාරා ඇත. එමෙන්ම බෙලිහුල්ඔය විශ්ව විද්‍යාලයේ භූ දර්ශන තල පිළිබඳ ඩිප්ලෝමාවක් ද, සිවිල් ඉංජිනේරු ඩිප්ලෝමාපාඨමාලාවක් ද හදාරා අවසන් කර ඇත.
ඔහු පුතණුවන් තිදෙනෙකුගේ දයාබර පියෙකි. ඔහුගේ බිරිඳ චාරිකා තෙන්නකෝන් මහත්මිය සංවර්ධන නිලධාරි වරියක වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගන්නොරුව ජාතික සම්පත් මධ්‍යස්ථානයේ සේවය කරනු ලබන්නීය. ඔවුන් දැනට පදිංචිව සිටිනුයේ H 129, මාවැල, හිඳුල යන ලිපිනයේ
“කිරිකෝඩුත් වන්දවන්න. අපේ බුදුන් අපි වඳින්න. පෙරළි පෙරළි අපි වඳින්න”කියමින් යන සැදැහැති පිරිස බුදුන්වහන්සේගේ වම් සිරිපතුල වැඳ පුදාගැනීමට සමන්ගිර තරණය කරති. අසිරිමත් සූර්ය උදාව දැක ගැනීමටත්, කඳුකර සොබාසිරිය දැක බලා ගැනීමටත් විදේශිකයෝද වැඩිවශයෙන් සිරිපා ගිර තරණය කරති. ශ්‍රී ලංකාවේ මධ්‍යම උස්බිම් යනු ශ්‍රී ලංකාවේ නවතම ලෝක උරුමයයි. 2010 ජූලි 31 වන දින ලෝක උරුම කමිටුවවිසින් ඒ අනුව සමනළ අඩවිය රක්ෂිතය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළේය. මෙය ශ්‍රී ලංකාවේ 1988 දී සිංහරාජ රක්ෂිත වනාන්තරය නම් කිරීමෙන් අනතුරුව, වර්ෂ 22 කින්පසුව ප්‍රකාශයට පත් කල ප්‍රථම ලෝක උරුමයයි.
සමනළ සොබාව රක්ෂිතය
සමනළ සොබාව රක්ෂිතය හෙක්ටෙයාර් 22,380ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර මෙය1940 ඔක්තෝබර්25දින ඉංග්‍රිසි රජය විසින් අභය භුමියක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදි. පසුකාලීනව එම අභයභූමියෙහි වැදගත්කම හේතුවෙන් සමනල අඩවි අභයභූමියෙන් තෝරාගත් හෙක්ටයාර් 12979 (අක්කර 32448) ක් වර්ෂ 2007 දී සංරක්ෂිත අවශ්‍යතාව සලකා ස්වභාව රක්ෂිතයක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව පූජනීය ස්ථානයක් ලෙස දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ වන්දනාමානයට පත්වන සිරිපා කඳු මුදුන හා ශ්‍රීපාද පද්මය පිහිටි මළුව (උස මීටර් 2243/අඩි 7360)ද, ශ්‍රී පාද (සමනල කන්ද) කන්දේ බැතිමතුන්ට වෙන්වූ මාර්ග පද්ධතියද යනාදී පොදු ස්ථානයන් අයත් වන්නේ සමනල අඩවිය අභයභූමියට ය.
ශ්‍රී ලංකාවේ තෙවන උසම කන්ද වන කේතු හැඩැති “සමනල කන්ද” රත්නපුරය හා නුවරඑළිය යන දිසාවන්ට මැදිව පිහිටිසිංහල බෞද්ධයන්ගේ වසර 2500 කට අධික ඉතිහාසයකට නෑකම් කියන පූජනීය ස්ථානයකි.
සිරිපාද කදු පන්තිය මුළුමනින්ම සමනල සොබාව රක්ෂිතයට අයත් වන අතර එහි නැගෙනහිර මායිම මධ්‍යම කඳුකරයේ පිදුරුතලාගල කඳු පන්තියේ හෝටන්තැන්න ජාතික උද්‍යානය දක්වා සම්බන්ධ වේ. මෙම ස්වභාව රක්ෂිතය සබරගමුව හා මධ්‍යම පළාත් දෙකට ගැනෙන අතර නුවරඑළිය ,කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික්කවලට අයත් වේ. අඹගමුව, දැරණියගල, රත්නපුර,ඉඹුල්පෙ, බලංගොඩ සහ කුරුවිටප්රාදේශීය ලේකම් කොට්ඨාස රක්ෂිතයට අයත්වන බල ප්‍රදේශ වේ. නුවරඑළිය දිස්ත්‍රික්කයට හෙක්ටයාර් 4897 (අක්කර 12243) ක්ද, රත්නපුර දිස්ත්‍රික්කයට හෙක්ටයාර් 17483 (අක්කර 43707) ක්ද රක්ෂිතයෙන් අයත්වන අතර කෑගල්ල දිස්ත්‍රික් මායිම්යම් දුරක් ඉක්මවමින් රක්ෂිතය විහිද ඇති බව 1:50000 සිතියම් පරීක්ෂාවෙන් හඳුනාගත හැකිය.
කඳුකර වනාන්තර ගණයට ගැනෙන වනගහනයකින් පෝෂිත සමනල අඩවිය අතිශය සංවේදී ජලපෝෂිත ඉහළ ජලාධාර ප්‍රදේශයක් වේ. මෙම වනගොමුවෙන් කළු, වලවේ, කැලණි යන ගංගා ත්‍රිත්වයම සෘජුවම උපත ලබන අතර එම ගංගා හා සම්බන්ධවන කුඩා දිය කඳුරු 295ක් සමනොළ අඩවියේ උල්පත් වලින් ජීවය ලබයි.මෝහිනී ඇල්ල, ලක්ෂපාන, යකා ඇඬූ ඇල්ල, මාපනාන ඇල්ල, මරේ ඇල්ල, ගාට්මෝර් ඇල්ල, දීයන් ඇල්ල, අලුපොළ ඇල්ල ආදී දිය ඇලි සිරිපා අඩවියේ විවිධ ස්ථානයන්ගෙන් පහළට කඩා හැළෙන දියදහරාවෝය.
වසරේ මාස හයක් පුරාවට ඉතා හොඳ වර්ෂාපතනයක් පවතිනසමනල අඩවියේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍ය මිලිමීටර් 5000 ක් වන අතර නිරිතදිග මෝසම පවතින මැයි – ජුනි – ජුලි මාසවලදී වැඩිම වර්ෂාපතනය ලැබේ. දෙසැම්බර් – ජනවාරි – පෙබරවාරි දක්වා ලැබෙන ඊසාන දිග මෝසමේදී ලැබෙන වර්ෂාපතනය ඉතා අඩු බැවින් කාලගුණික බාධාද මෙම සමයේදී අවම බැවින් ශ්‍රීපාද වන්දනා සමය උඳුවප් පොහොයෙන් ආරම්භව වෙසක් පොහොය දක්වා පවතී. නිරිතදිග මෝසම් සමයේදී ගණ, තද මිහිදුම් පතනයක් සමනල අඩවියට දක්නට ලැබෙනඅතර මෙම සමයේදී අධික සීත දේශගුණයක් සමනල අඩවියෙන් හා ශ්‍රීපාද මළුවෙන් වාර්තාවේ. මෙහි වාර්ෂික උෂ්ණත්ව සාමාන්‍ය සෙන්ටිග්‍රේඩ් අංශක 15 කි. එහෙත් මැයි – ජුනි – ජූලි සමයේදී අංශක 5-10 දක්වා වුවද උෂ්ණත්වය පහළ බැසිය හැකිය.
තෙත් කලාපීය කඳුකර පරිසර පද්ධතියට අයත් මෙම සිරිපා සමනොල රක්ෂිත සීමාවේ විශේෂිත වූ වෘක්ෂලතාද රැසක්ම පවතී.උඩවැඩියා විශේෂ හා දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී විශේෂ මෙන්ම දුර්ලභ ඖෂධ ශාක රැසක් රක්ෂිතය තුළින් වාර්තාවන අතර මෙම ශාක සමුහය වනාන්තරයට අලංකාරයක් එක් කර දෙයි.
සමනල විශේෂ රැසක් මෙම වනගොමුවේ ගැවසිම සමනල අඩවියට ඒ නම ලැබීමට හේතුවී ඇතැයි සිතිය හැකි අතර ශ්‍රි පා සමය උදාවීමත් සමගම විවිධාකරයේ සමනලුන් දැකගත හැකි නිසා බොහෝ පිරිස් පවසනුයේ සමණලුන් ශ්රිපා වන්දනා කරන බවත්ය. මහ කුරුලු පිය පැපිලියා, ඉන්දියානු රතු අද්මිරාල් ආදි සමනලුන් මෙන්ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සමුහයන්ට මෙය සුරක්ෂිත අභය භූමියක් වුවත් ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය උද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකිද නොවේ. මෙහි දි බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
සමනල අඩවියෙන් වාර්තාවන සුවිශේෂීම සත්ව කොට්ඨාසය කුරුල්ලන්ය.මෙහි පක්ෂීන් විශේෂ 160ක් වාර්තා වී ඇති අතර ලංකාවට ආවේණික පක්ෂීන් 34 න් 25ක්ම සමනොල සිරිපා ඉමේදී හඳුනාගෙන තිබේ. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක් මෙහි පෙන්නුම්කරන අතර ශ්‍රී ලංකාවට ආවේණික වූ කුරුල්ලන්, නේවාසික කුරුල්ලන් හා පර්යටනික කුරුල්ලන්ද ඒ අතර වේ. පීතකන් කොණ්ඩයා, සිතැසියා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුළභව දැකගත හැකි කුරුල්ලන්ය. එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චායන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.
ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තර වල වෙසෙන අලි ප්‍රමාණය සීමිත වන අතර එයින් අලි10 – 11ක් පමණ සමනොල අඩවියේ සැරිසරතැයි සැළකේ. තෙත් කලාපයේ දිවිගෙවන අවසන් අලි ගහනයට අයත් එක් කොටසක් සිංහරාජ වනාන්තරය අවට දිවිගෙවන අතර ඉතිරි කොටස දැකගත හැක්කේ සමනල අඩවියෙනි. වල් ඌරන්ද සිරිපා ඉමේ සුලබ තවත් වන සිව්පාවකු නමුත්සිරිපා කරුණා කරන ඉමේදී දැකගැනීමට අපහසු කොටියා,හඳුන් දිවියා, දඬු ලේනා, ගෝනා, රිලවා, මුගටියා, වල් බළලා,කොළ දිවියා වැනි ක්ෂීරපායින් රැසක්ද දිවි ගෙවති.
තෙත් කඳුකර කලාපීය සුවිශේෂ වූ උභයජීවී හා උරග විවිධත්වයක්ද සමනල අඩවියේන් නිරික්ෂණය කළ හැකි අතර උභය ජීවී විශේෂ 21 ක් හා උරග විශේෂ 38 පමණ මෙහි වාර්තාවේ. බ්ලයිත්ගේ පෘථිවි සර්පයා,ලේමැඩිල්ලා,දලවමැඩිල්ලා,රළුඅංකටුස්සා,කඟමුව අංකටුස්සා, පලා කටුස්සා, ගරාකටුස්සා, කරමල් බෝදිලිමාමේ උරගුන් අතර ප්‍රමුඛය.
සමනල අඩවියෙන් හමුවන මත්ස්‍ය විශේෂ අතරආවේණික වූ ලේ තිත්තයා, බුලත්හපයාආදි තර්ජනයට ලක්වූ විශේෂද සුලබව දැකිය හැකි මෙවන් මහගු පාරිසරික සම්පත් සුරකීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විවිධ සංරක්ෂණ ක්‍රියාදාමයන් සිදුකරනු ලබයි.
අතීතයේදී අසල වනයෙන්ම ලබාගත් දර මගින් කෑම කඩවල ඉවුම් පිහුම් කටයුතු සිදු වූ අතර අද වනවිට වනජීවි සංරක්ෂණ අංශවල මැදිහත් වීම මත දර භාවිතය සෑහෙන දුරට අඩු වී තිබේ. ශීත ගඟුලෙන් උඩ කොටසේ කඩවල ඉවුම් පිහුම් සඳහා යොදාගන්නේ ගෑස් පමණි. එය අදාළ අංශවලින් ක්‍රියාත්මක කරන ලද සාර්ථක වැඩපිළිවෙලක ප්රතිඵලයකි.තවද වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත්සමනළ ස්වභාවික රක්ෂිතයට අනවසරයෙන් ඇතුලු වීමඑහි ශාක සහ සත්ව ප්‍රජාවට හානි කිරිම , පරිසර පද්ධතිය දුෂණය කිරිම වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව නීති විරෝධි ක්‍රියාවක්ය.
වතු වගාවත් සමඟ හෙළි පෙහෙළි වී ගිය කඳුකරයේ බොහෝ බිම් අතර නොඉඳුල්ව ආරක්ෂා වන්නට සිරිපා වන ගොමුවට හැකියාව ලැබිණි.අතීතය කෙතරම් සුන්දර වුවද සිරිපා අඩවියේ අනාගතය අවිනිශ්චිතය. ලෝක සංරක්ෂණ සංගමය (IUCN) කළ සමීක්ෂණවලට අනුව ශ්‍රීපාද අඩිවියේ සිදුවන පරිසර දූෂණය නිසා ඉතා දුර්ලභ ශාක සහ සත්ව විශේෂ ගණනාවක්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටිති. ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 14 ක්ද ඒ අතර සිටින බව (IUCN) වාර්තාවල දැක්වේ.
එබැවින් සුවිශේෂි ජෛව විවිධත්වයකින් සමන්විත මෙවැනි පරිසර පද්ධතිය සංරක්ෂණය කිරිමේ කාර්යය මේ වනවිට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිද්ධ කරමින් සිටින අතර මෙවන් වු පරිසර පද්ධතින් අනාගත පරම්පරාව සදහා දයාද කිරිමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඇපකැප වී සිටි.
Sinhala name | Tamil name | English name | Scientific name |
අලියා | ஆசிய யானை | Asian elephant | Elephas maximus |
කොටියා | புலி | Leopard | Panthera pardus kotiya |
හඳුන් දිවියා | மீன்பிடிப் பூனை | Fishing Cat | Prionailurus viverrinus |
වල් ඌරා | காட்டுப் பன்றி | Wild Boar | Sus scrofa |
දඬු ලේනා | பழுப்பு மலை அணில் | Grizzled giant Squirrel | Ratufa macroura |
ගෝනා | மரை | Sambar | Rusa unicolor |
රිලවා | செங்குரங்கு | Toque Macaque | Macaca sinica |
වල්බළලා | காட்டுப்பூனை | Jungle cat | Felis chaus |
කොළදිවියා | துரும்பன் பூனை | Rusty- spotted cat | Felis rubginosa |
ශ්‍රී ලංකා අළු වඳුරා | இலங்கை சாம்பற் குரங்கு | Common langur | Semnopithecus entellus |
මුගටියා | இந்திய சாம்பல் கீரிப்பிள்ளை | Common Mongoose | Herpestes edwardsii |
පීතකන්කොණ්ඩයා | மஞ்சள் காதுள்ள புல்புல் | Srilanka yelloweared Balbul | Pycnonotus penicillatus |
සිතැසියා | இலங்கை வெள்ளைக் கண் | Sri Lanka White eye | Zosterops ceylonensis |
ගිරාමලිත්තා | இலங்கை தொங்கும் கிளி | Sri Lanka Hanging parrot | Loriculus beryllinus |
අළුගිරවා | லேயார்டின் கிளி | Emerald collared parakeet | Psittacula calthropae |
රතුදෙමළිච්චා | ஆரஞ்சு படியாக வாயாடி | Oranger-billed Babbler | Turdoides rufescens |
මහ කවුඩා | துடுப்பு வால் கரிச்சான் | Greater racked tailed drongo | Dicrurus paradiseus |
කළුකුස්සා | கருங்கழுகு | Black eagle | Ictinaetus malaiensis |
කැහිබෙල්ලා | இலங்கை நீலச் செவ்வலகன் | Blue magpie | Urocissa ornata |
ටිකල් නිල් මැසිමරා | செம்மஞ்சள் மார்பக ப்ளைகேச்சர் | Orange breasted flycatcher | Cyornis tickelliae |
මූකලන් කොට්ටෝරුවා | மஞ்சள் நிற பர்பர்ட் | Yellow fronted barbet | Megalaima flavifrons |
මහ කුරුලු පිය පැපිලියා | இலங்கை அழகி | Sri lanka birdwing | Troides darsius |
ඉන්දියානු රතු අද්මිරාල් | இந்திய சிவப்பு அட்மிரல் | Indian red admiral | Vanessa indica |
රළුඅංකටුස්සා | இலங்கை கருங்காலி பல்லி | Sri Lankan Kangaroo lizard | Otocryptis wiegmanni |
කඟමුව අංකටුස්සා | முரட்டு மூக்கு கொம்புப் பல்லி | Rough horn lizard | Ceratophora aspera |
පලා කටුස්සා | பொதுவான பச்சை வனப் பல்லி | Green Garden Lizard | Calotes calotes |
ගරාකටුස්සා | பொதுவான தோட்டப்பல்லி | Common Garden Lizard | Calotes versicolor |
කරමල් බෝදිලිමා | ஹம்ப்மூக்குப்பல்லி | Hump norsed Lizard | Lyiocephalus scutatus |
බ්ලයිත්ගේ පෘථිවි සර්පයා | பிளைத் பூமிப் பாம்பு | Blythearth snake | Rhinophis blythii |
ලේමැඩිල්ලා | பாயின் கரடுமுரடான பாம்பு | Boie’s rough-sided snake | Aspidura brachyorrhos |
දලවමැඩිල්ලා | தலவமெடில்லா | common roughside | Aspidura trachyprocta |
ලේ තිත්තයා | லே தித்தயா | Cherry Barb | Puntius titteya |
බුලත්හපයා | புலத்ஹபயா | Black ruby barb | Puntius nigrofasciatus |
Sinhala Names | Tamil Names | English Names | Botanical Name |
උඩවැඩියා විශේෂ | ஓக்கிட் வகைகள் | Orchid species | |
ඇල්ගී විශේෂ | பாசி வகைகள் | Algae species | |
බිම් උඩවැඩියා | தரை ஓக்கிட் | Ground orckid | Spathoglottis plicata |
ඉරු රාජ | இரு ராஜ | Iru raja | Zeuxine regia |
මහ හැඩයා | மஹ ஹெடயா | Mahahadaya | Hupergia phlegmaria |
නා විශේෂ | நாக வகை | Mesuwa spp.na |
|
කුරුළු කූඩු මීවණ | குருவிக்கூடு கலன்றாவரம் | Bird nest fern | Asplenium nidus |
සංස්කාරක – දම්මිකා මල්සිංහ, අතිරේක ලේකම් (ව්‍යාපෘති) , වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
උද්‍යානය පිළිබඳව විස්තර- හසිනි සරත්චන්ද්‍ර, ප්‍රධාන මාධ්‍ය නිලධාරි, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහේෂා චතුරානි පෙරේරා (අභ්‍යාසලාභී උපාධිධාරි),වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
දෙමළ පරිවර්තනය- ඒ.ආර්.එෆ්. රිෆ්නා, සංවර්ධන නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි පරිවර්තනය (වාර්තාවන්)- අසෝක පලිහවඩන, පරිවර්ථක, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඉංග්‍රීසි අනුවාදය (කථාව)- තානුක මල්සිංහ
වෙබ් අඩවි සැකසුම- සී.ඒ.ඩී. ඩී.ඒ. කොල්ලුරේ,කළමණාකරන සේවා නිලධාරි, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
ඡායාරූප- රෝහිත ගුණවර්ධන,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
Cookie | Duration | Description |
---|---|---|
cookielawinfo-checkbox-analytics | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Analytics". |
cookielawinfo-checkbox-functional | 11 months | The cookie is set by GDPR cookie consent to record the user consent for the cookies in the category "Functional". |
cookielawinfo-checkbox-necessary | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookies is used to store the user consent for the cookies in the category "Necessary". |
cookielawinfo-checkbox-others | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Other. |
cookielawinfo-checkbox-performance | 11 months | This cookie is set by GDPR Cookie Consent plugin. The cookie is used to store the user consent for the cookies in the category "Performance". |
viewed_cookie_policy | 11 months | The cookie is set by the GDPR Cookie Consent plugin and is used to store whether or not user has consented to the use of cookies. It does not store any personal data. |